මමත් ඉන්නේ ලන්ඩන්. මෙහෙට ආපු මුල් කාලෙ මමත් TESCO එකේ මාස 3ක් පාර්ට් ටයිම් ජොබ් එකක් කරා. මේ කතාව ඇත්ත. හැබැයි මුලු එන්ගලන්තෙම මෙහම නෑ. චාටර් පැති තියනව ඒවගෙ ගොඩක් ඉන්නෙ කලු උන්, නැත්නම් චාටර් රුමේනියන්, පෝලන්ත වගේ ඊස්ටන් යුරෝපියන් උන් සහ බෝට්ටු වලින් Channel Cross කරල රටට අනවසරෙන් ඇතුලු උන උන්. බහුතරය සරණාගත වීසා වලින් මේ රටට ආපු උන්. එන්ගලන්තෙට වෙලා තියෙන්නෙ අහක යන නයි රෙද්ද අස්සෙ දාගත්ත සීන් එකක්. නීති ලිහිල් නිසා උන් බය නැතුව සුපර් මාකට් වලින් බඩු උස්සනව. ලන්කාවෙ කඩේකින් බඩු හොරකම් කරල අහු උනාම කඩේ මුදලාලි නීතිය අතට අරන් හොරාගෙ ඇට කුඩු කරනව වගේ මෙහෙ කරන්න බෑ. මෙහෙ කවුරු මොන වැරැද්ද කලත් මිනිස්සුන්ට නීතිය අතට ගන්න බෑ. අන්න ඒ ලූප් හෝල් එකෙන් රින්ගල මෙහෙට සරනාගතයො විදියට ආපු උන් තමයි මේ වැඩේ වැඩිපුරම කරන්නෙ. සමහර උන් අහු වෙනව පොලිසියට, උන්ව හිරේ දානව, උන්ට ක්‍රිමිනල් රෙකෝර්ඩ් එකක් වදිනව. ඊට පස්සෙ උන්ට වෙන රස්සවක් කරන්නත් බෑ මොකද ක්‍රිමිනල් රෙකෝර්ඩ් එක නිස කවුරුත් උන්ට වැඩට ගන්නෙ නෑ. අනිත් එක තමයි සුපර්මාකට් වල ෂොප් ලිෆ්ටින් වලට වෙනම බජට් එකක් උන් වෙන් කරනව බිස්නස් රිස්ක් එකක් විදියට. උදාහරණයක් විදියට TESCO එකේ අවුරුද්දක ආදායම පවුම් බිලියන £600 ක් විතර වෙනව. මේකෙන් 0.5% වගේ ලොස් එකක් උන්ට වෙන්නෙ ෂොප් ලිෆ්ටින් නිසා. උන් ඒක ගනන් ගන්නෙ නෑ. මම වැඩ කරපු නිසා දන්නව. ලන්ඩන් සහ අර වගේ ඩයල් ඉන්න පැති වල මේ වැඩේ උනාට එන්ගලන්තෙ ජීවත් වෙන්න ඕන තරම් නිදහස්, සාමකාමී, ඔය වගේ කේස් නැති පැති ඕන තරම් තියනව. මම මේ රට ඉතා හොදයි කියනව නෙමෙයි. ඕනම රටක හොද නරක දෙකම තියනව කියලයි මට කියන්න ඕන උනේ.