🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    NPP_Logo.png

    අපේ 9 වන විධායක ජනාධිපති අතිගරු අනුර දිසානායක මැතිතුමාට (අනුර සහෝදරයාට) සහය දැක්වීමට කැමති සියලුම NPP ක්‍රියාකාරීන් ඇතුළු අනෙකුත් සියලුම සහෝදරයන් හට රට ගොඩ නැගීමට ඔබගේ වටිනා දායකත්වය දැක්වීමට ආරාධනා කරමි.

    මාතෘ භූමියට ජයවේවා !!!​

    IMG-1681.jpg
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.

    අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.

    සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!

    ~AKD~

    IMG-1681.jpg

    ------ Post added on Sep 23, 2024 at 2:00 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961