🇺🇸අමෙරිකා ජනපතිවරණය 2020 - මමයි දිනන්නේ - බයිඩන් නෑ යකෝ මමයි දිනන්නේ - ට්‍රම්ප් 😆😆

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    FB_IMG_1604475891506_copy_795x750.jpg


    අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතා තියුණුම අවස්ථාව 2020 ජනාධිපතිවරණයේදී එළඹ ඇති බව විචාරකයෝ පවසති.

    දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව පෙනී යන්නේ තරඟය කරට කර බවය.

    විශේෂයෙන්ම පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත 23ක් ජය ලබනු ඇති බවට අනුමාන කෙරේ. ඊට ටෙක්සාස්, ඔහායෝ, සහ ෆ්ලොරිඩා වැනි ප්‍රාන්ත ඇතුළත්ය. ට්‍රම්ප් මෙතෙක් ලබාඇති ජයග්‍රහණ විශ්ලේෂකයින්ගේ මත බිඳ හෙළීමට සමත්ව තිබේ.

    එසේම මෙම ජන්ද ගණන් කිරීමේදී වංචා සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර තිබේ. තමා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ධවල මන්දිරයේදී සිය පාක්ෂිකයින් අමතමින් ඔහු පැවසීය.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පැවසුවේ, "ඔවුන් මෙම මැතිවරණය සොරකම් කිරීමට උත්සහ දරනවා," යනුවෙනි.

    නමුත් තවත් ඡන්ද මිලියන ගණනක් ගණන් කිරීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    මේ අතර ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් ඇරිසෝනා ප්‍රාන්තය සහ ඩිමොක්‍රටික් පක්ෂයට හිතවාදී ප්‍රාන්ත කිහිපයක් ජයගනු ඇති බවට විශ්වාස කෙරේ.

    මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.

    මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නම් ට්‍රම්ප් හෝ බයිඩන් කොට්ඨාස 270ක් ජයගත යුතුය.

    අවසාන ඡන්ද ප්‍රතිඵලය නිකුත්වීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බව සඳහන් වේ.

    මැතිවරණ දිනයට පෙර මිලියන 100ක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබු බව වාර්තා වේ. ඒ අනුව මෙවර වසර 100කින් පමණ කාලයක් තුළ අමෙරිකානු ජනාධිපතිවරණයක දී වාර්තා වන වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

    දෙරණ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මැක්ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයි බං මොනවා උනත් උ අපේ එකෙක්. දිනන ඒක හොඳයි. බයි-dan කාරයට ඩයස්පෝර සපෝර්ට් කියන්නේ උ ආවොත් සිංහලුන්ට හොඳ නෑ

    අනිත් එක උ බොරුවට රටවල් අල්ලලා (අරාබි) ගේම් දෙනවා වෙනුවට ඉස්සරහට ලොකුම හිසරදේ වෙන චිනාට ගේම ඉල්ලුවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපි හොඳයි කියලා පත්කරගත් අපේ එකෙක්ගෙන් වත් අපිට හොඳක් උනේ නැති එකේ, පිට උන්ගෙන් අපිට හොඳක් වෙයිද බං? අනේ නිකං හිටහල්ලා.