🇺🇸ජන්දෙ ළගයිනේ.😂😂😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    විදේශීය කුමන්ත්‍රණ උන්ටත් අැවිත්..ජන්දෙ ළගයිනේ😂😂😂

    අමෙරිකානු ජනපතිවරණයට විදෙස් බලපෑම් - අමෙරිකානු බුද්ධි අංශයන්ගෙන් හෙළිදරව්වක්


    මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වීමට රුසියාව, චීනය සහ ඉරානය උත්සාහ දරන බවට, අමෙරිකාවේ ඉහළ පෙළේ බුද්ධි නිලධාරියෙකු වන ජාතික ප‍්‍රතිබුද්ධි හා ආරක්ෂක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විලියම් එවනිනා අනතුරු අඟවා තිබෙනවා.

    ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ, රුසියාව මේ වනවිටත් ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පරාජය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි. එමෙන්ම රුසියාව, චීනය සහ ඉරානය විසින් අමෙරිකානු ඡන්ද දායකයින්ට බලපෑම් කරමින්, අන්තර්ජාලය ඔස්සේ සාවද්‍ය තොරතුරු පතුරුවමින් සිටින බව ද විලියම් එවනිනා අනාවරණය කර තිබෙනවා.

    ධවල මන්දිරයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අදහස විමසා සිටියා. ඊට පිළිතුරු ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසුවේ, ඒ සියලූ පියවර දෙස අමෙරිකාව බලා සිටින බවයි. ඔවුන්ගේ කි‍්‍රයාවලින් ආරක්ෂා වී සිටීමට අමෙරිකාව පියවර ගත යුතු බව ද ට‍්‍රම්ප් පවසා තිබෙනවා.

    රුසියාව, චීනය සහ ඉරානය යන රටවල් තුනෙහිම අපේක්ෂාව වන්නේ, එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත් වීම බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

    කෙසේ වෙතත්, 2016 වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී රුසියාවට චෝදනා එල්ල වුණේ, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදිනිය වූ ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලර් ක්ලින්ටන් පරාජය කිරීමට බලපෑම් කළ බවටයි. එහෙත්, රුසියාව එම චෝදනා ප‍්‍රතික්ෂේප කළා..

    Neth
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ට්‍රම්ප් කාරයගෙ අෑඬියාව විතරයි.කට අැරියොත් චයිනා..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    2016 දී ඇත්තටම හිලරි පරාද උනේ රෂියන් ඉන්වෝල්මන්ට් එකක් නිසාද බන්? ඒකිගේ වැඩත් එක්ක බැලුවම මට නම් හිතුනේ තමන්ම කරපු වැඩ නිසා තමයි පරාද වෙන්න වැඩියත්ම බලපෑවේ කියලා. මාස දෙක තුනකට කලින් නම් හිතුනේ ට්‍රම්පච්චි උඩින්ම දිනයි කියලා බට් දැන් නම් ඒකත් ෂුවර් නෑ. බයිඩන් නම් අමු පිස්සෙක් නේ. මන් මේ බලන් ඉන්නේ ෆේස් ටු ෆේස් විවාද ටික පටන් ගන්න කල්. හොඳ ආතල් එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: kalana wasala