🌋💥🌌 සෞරග්‍රහ මණ්ඩලේ තියෙන උසම කන්ද (ගිනි කන්ද) දැකලා තියෙනව ද? - "OLYMPUS MONS" 🌌💥🌋

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113

    maxresdefault.jpg

    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️


    අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වුණු ග්‍රහයන් මත පිහිටලා තියෙන කඳු අතරින් උසම කන්දට හිමි තැන හිමිවුණු "OLYMPUS MONS" නමින් හදුන්වන මේ අති දැවැන්ත ගිනි කන්ද අඟහරු ග්‍රහයා මත තමයි පිහිටලා තියෙන්නෙ. සම්පූර්ණයෙන්ම වගේ බාසල්ටික් සහ ඇන්ඩීසිටික් ලාවා (basaltic and/or andesitic lava) ප්‍රවාහ වලින් නිර්මාණය වී තියෙන, ඒවගේම ඒවා පුපුරා යන විට අතිශය ද්‍රවමය ස්වභාවයකින් යුක්ත වුණු තරල විදිහට ගලා යන නිසා මේ ගිනි කන්ද "Shield Volcanoes" ගනයට අයිති ගිනි කන්දක් විදිහට සලකනවා. මේ ගිනි කන්දෙ විෂ්කම්භය කිලෝමීටර 624 ක් (සැතපුම් 374) වෙනකොට මේ ගිනි කන්දෙ උස සදහන් වෙන්නෙ කිලෝමීටර 25 ක් (සැතපුම් 16) ක් විදිහටයි. මීට අමතරව ගිනි කන්දෙ ඉහළින් තියෙන ගිනි කඳු විවරයෙ නැත්නම් කල්දේරාවෙ (Caldera) පළල කිලෝමීටර 80 ක් (සැතපුම්) විදිහටත් සදහන් වෙනවා.


    CREDIT: NASA/JPL/USGS

    jpegPIA00300.jpg


    PIA01476.jpg


    XNRcoHujh5mZHmPQZzYbgH-1200-80-min-1.jpg



    FqDjtqkWwAAxhnv



    Olympus Mons



    පෘථිවියේ පිහිටි උසම හා දැවැන්තම කඳු සහ ගිනි කඳු


    පෘථිවියේ පිහිටි උසම කන්ද

    එවරස්ට් (Mount Everest)
    උස: මීටර 8849 (අඩි 29030)

    Mount-Everest.jpg




    විශාලතම ගිනිකන්ද

    "Tamu Massif" (පැසිෆික් සාගර පතුලෙහි පිහිටා ඇති ගිනි කන්දකි)
    උන්නතාංශය (Elevation): මීටර 4 400
    විශාලත්වය (වර්ග ප්‍රමාණය): වර්ග කිලෝමීටර 310 800 (වර්ග සැතපුම් 120 000)


    1280px-Tamu_Massif%2C_the_Earth%27s_largest_volcano%2C_about_1%2C000_Miles_east_of_Japan.jpg



    උසම ගිනි කන්ද

    "Mauna Kea" (හවායි'හි පිහිටා ඇති "Dormant volcano" ගනයට අයත් ගිනි කන්දකි)
    උන්නතාංශය (Elevation): මීටර 4 205 (අඩි13 796), නමුත් මෙම ගිනි කන්දෙහි පාදම සාගර පත්ල දක්වාම විහිදී ගොස් ඇති බැවින්, සාගර මට්ටමට වඩා පහළ සිට ගණනය කළ විට මෙම ගිනි කන්දේ උස මීටර 6000 ක (අඩි 19 685) පමණ අගයක්
    ගනී.

    1280px-Mauna_Kea_from_the_ocean.jpg




    උසම ගිනි කන්ද (මුහුදු මට්ටමේ සිට කඳු මුදුන/ශිඛරය දක්වා ඇති උස අනුව)

    "Ojos del Salado" (චිලී දේශයට හා ආර්ජන්ටිනාවට අයත්ව පිහිටා ඇත)
    මුහුදු මට්ටමේ සිට උස: මීටර 6893 (අඩි 22 615)


    1280px-Ojos_del_Salado_looming_big_on_the_horizon.jpg


    ✍️ ලිපිය සැකසුම: Stimulus mind ✍️