ඔබට වසර 1000 ක් පුරා පවත්නා ග්‍රහලෝක පද්ධතියක් (planetary system) නිර්මාණය කළ හැකිද? එවැනි ආකාරයේ නිර්මාණයන් සිදුකළ හැකි අන්තර්ජාල ක්‍රීඩාවක් ලෙස 'Super Planet Crash' හැදින්විය හැක. ක්‍රීඩාව සිදුකරන ආකාරය මෙසේය.
මෙහිදී ග්රහලෝකයන් 10 දක්වා නිර්මාණය කළ හැකි අතර ප්‍රථමයෙන්ම ඔබ, මෙහි දැක්වෙන පුවරුවේ දැක්වෙන මධ්‍ය තාරකාවකට ආසන්නයෙන් පවතින කැමති ස්ථානයක් ක්ලික් කරන්න. ග්‍රහලෝකවල ස්වභාවය අනුව Earth, Super-Earth, Ice giant, Giant planet, Brown dwarf, හා Dwarf star ලෙස තෝරාගත හැකියි. මෙහිදී ග්රහලෝකයන් මධ්‍ය තාරකාවට නොව ග්රහලෝකයන් අතරම පවතින ගුරුත්වාකර්ශන ශක්තියෙන් එකිනෙකට බැදී පවතී. ලකුණු ලබාදීම හා බෝනස් ලකුණු ලබාදීම සිදුකරන්නේ ඔබ නිර්මාණය කරන ග්‍රහලෝක පද්ධතිය ජීවීන්ට වාසය කිරීමට (crowded and habitable systems) කෙතරම් උචිත ද යන්න අනුවයි. තවද එක් ග්‍රහලෝකයක කක්ෂය 2U වන වෘත්තයෙන් පිටතට යාමක් හෝ කක්ෂයන්ගේ ගමන්ගන්නා ග්රහලෝකයන් එකිනෙකට ගැටීමක් සිදුවුවහොත් ක්‍රීඩාව අවස්න් වේ.
ක්‍රීඩාව අවසන් වන්නේ වසර 1000 කට පසුව ග්‍රහලෝක පද්ධතියේ ඇති ග්‍රහයින් එකිනෙක අතර පවතින ගුරුත්වාකර්ශන ශක්තියෙන් ඉවතට යාමත් සමගයි. මෑතකදී බොහෝ පරිබාහිර ග්‍රහලෝක පද්ධතියන් සොයාගැනීම සිදුවූ අතර 'Super Planet Crash' මගින් මෙසේ සොයාගැණුනු ඇතැම් ග්‍රහලෝක පද්ධතියන් ස්ථාවර පවතින්නේ ඇයිද යන්න අවබෝධ කරවීම සදහා නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙම ක්‍රීඩාව කීපවරක් ක්‍රීඩා කිරීම තුළින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී එයට අයත් ව තිබූ ඇතැම් ග්රහලෝකයන් විනාශ වී ගොස් ඇති බව කියවෙන මතය පිළිබදව පවතින සත්‍ය - අසත්‍යබාවය පිළිබදව ද යම් අවබෝධයක් ලබා ගැනීමටත් මෙයින් අවස්ථාව ලබා දේ.
ඔබ ලබාගත් ලකුණු සංඛ්‍යාවත් මෙතන පළ කරන්න


