🌌🔭🛰️ "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු බ්‍රහස්පති ග්‍රහයාගේ වූ අපූරු අවුරෝරාවන් (auroras) 🛰️🔭🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    Webb-1.jpg


    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ නවතම ඡායාරූපයන් ද්විතවයක් එළිදැක්වීම ඇමරිකාවේ නාසා ආයතනය විසින් ඊයේ දිනයේදී සිදු කරන ලදී. "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයෙ'හි වූ 'NIRCam' (Near-Infrared Camera) අධෝරක්ත කිරණ කැමරාව මගින් හසුකරගත් මෙම ඡායාරූප ද්විත්වය අතරින් පළමු ඡායාරූපය මගින් බ්‍රහස්පති ග්‍රහයාගේ සමීප දසුනක් නිරූපණය කෙරේ. 'NIRCam' උපාගයෙහි වූ සුවිශේෂ අධෝරක්ත කිරණ පෙරහන් (specialized infrared filters)ත්‍රිත්වයක් උපයෝගී කරගනිමින් මෙම ඡායාරූපය ලබා ගෙන ඇති අතර සාමාන්‍යයෙන් අධෝරක්ත කිරණයන් මිනිස් ඇසට දිස්නොවීම නැතහොත් සංවේදී නොවීම හේතුවෙන් මෙහිදී හසු කර ගත් එම ආලෝකයන් දෘ‍ෂ්‍ය වර්ණාවලියට හරවා සිතියම් ගත කිරීම මගින් මෙම ඡායාරූපය නිර්මාණය කර ඇත.

    මෙහිදී දෘෂ්‍ය වර්ණාවලියෙහි වූ දීර්ඝ තරංග ආයාමයන්ගෙන් යුක්ත වූ දත්තයන් රතු පැහැයට හුරු වර්ණයකින් හා කෙටි තරංග ආයාමයන්ගෙන් වූ දත්තයන් නිල් පැහැයෙන් ද මෙම ඡායාරූප මගින් නිරූපණය කර තිබේ. මෙම පළමු සමීප ඡායාරූපය නිර්මාණය කිරීම සදහා "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මින්පෙර ලබාගත් ඡායාරූප කීපයක් යොදාගෙන ඇති අතර ඒවා එකට සං‍යුක්ත කිරීම (composite)මගින් මෙම අවසන් ඡායාරූපය නිර්මාණය කර ඇත. මෙම ඡායාරූපය මගින් බ්‍රහස්පති ග්‍රහයාගේ උතුරු හා දක්ෂිණ ධ්‍රැවයන්ට ඉහළින්, ඉහළ උන්නතාංශ (high altitudes) දක්වා විහිදී ගොස් ඇති අපූරු අවුරෝරා ආලෝකයන් (auroras) නිරීක්ශනය කළ හැකි අතර රතු වර්ණයෙන් සිතියම් ගතව ඇති මෙම අවුරෝරාවන්ට (ධ්‍රැවාසන්න එළි) අමතරව සූර්යාලෝකය පරාවර්තනය කිරීම සිදුකරන බ්‍රහස්පති ග්‍රහයාගේ පහළ වායුගෝලයට වන්නට පිහිටා තිබෙන වළාකුළු හා ඉහළ වායුගෝලයට වන්නට පවතින මීදුම් (hazes) සහගත ස්වභාවයන් ද මෙමගින් නිරූපණය කර තිබේ.

    මේ අතර වෙනත් පෙරහනක් (filter) මගින් උතුරු හා දක්ෂිණ ධ්‍රැවයන්ට ඉහළින් ඒ වටා සුළියක ආකාරයෙන් එක්රැස් වී පවතින මෙම මීදුම් සහගත ස්වභාවයන් කහ හා කොළ පැහැයෙන් සිතියම් ගත කර ඇති අතර තෙවැනි පෙරහණ මගින් සූර්යාලෝකය පරාවර්ථනය කිරීම සිදුකරන ගැඹුරු ස්වභාවයක් ගත් ප්‍රධාන වළාකුළ මෙහිදී නිල්පැහැයෙන් ද සිතියම් ගතකොට ඇත. බ්‍රහස්පති ග්‍රහයාගේ වූ පෘථිවියෙහි විෂ්කම්භයටත් වඩා විශාල වු "The Great Red Spot" නමින් හදුන්වන විශාල රතු ලපය හා සූර්යාලෝකය පරාවර්ථනය විශාල වශයෙන් සිදුකරනු ලබන අනෙකුත් වළාකුළු මෙහිදී දිස්වනුයේ ශ්වේත (සුදු) වර්ණයෙන් වන අතර මෙහි තැනින් තැන දිස්වන සුදු ලපවලින් හා රේඛීයව දිස්වන කුඩා කලාපයන් මගින්, ඝනීභවනය වූ සංවහන කුණාටු හේතුවෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ ඉහළ උන්නතාංශයන් වන්නට නිර්මාණය වූ වළාකුළුවල ශීර්ෂයන් පෙන්නුම් කරන බවට විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.



    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ සමීප ඡායාරූපය (අධෝරක්ත කිරණ)


    Credit: NASA, ESA, CSA, Jupiter ERS Team; image processing by Judy Schmidt.

    Faw7LnzXgAAwg_u








    මෙහි දැක්වෙන දෙවැනි පුළුල් ක්ෂේත්‍ර ඡායාරූපය මගින් බ්‍රහස්පති ග්‍රහයාගේ වූ බොද වූ ආකාරයෙන් දිස්වන වළලු පද්ධතිය නිරූපණය වන අතර මෙහි දීප්තිය බ්‍රහස්පති ග්‍රහයාගේ දීප්තියට වඩා මිලියන ගුණයක ප්‍රමාණයකින් අවම වූ අගයක් ගනී. මීට අමතරව බ්‍රහස්පති ග්‍රහයාට අයත් වූ චන්ද්‍රයන් දෙදෙනෙකු වන කිලෝමීටර 83.5 ක අරයකින් යුක්ත වූ 'Amalthea' හා කිලෝමීටර 8.2 ක අරයකින් යුක්ත වූ 'Adrastea' නම් චන්ද්‍රයින් ද මෙම ඡායාරූපය මගින් නිරීක්ශනය කළ හැකි අතර ඡායාරූපයෙහි පසුබිමින් වූ අඳුරු අවකාශයෙහි තැනින් තැන දිස්වන නොපැහැදිලි කුඩා ලප මගින් දුරස්ථරව පිහිටා ඇති මන්දාකිණි කීපයක් ද නිරූපණය වේ.



    "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් බ්‍රහස්පති ග්‍රහයාගේ පුළුල් ක්ෂේත්‍ර ඡායාරූපය (අධෝරක්ත කිරණ)


    Credit: NASA, ESA, CSA, Jupiter ERS Team; image processing by Ricardo Hueso (UPV/EHU) and Judy Schmidt.

    JWST_2022-07-27_Jupiter_2color.png


    Faw7Me4WAAMN1fE












     
    Last edited:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    නියමයි මචං. ෆොටෝ නැතුව ඇත්තටම දකින්න ඇත්නම් කියලා හිතෙනවා. මේ ලෝකේ පෙනෙන අවුරෝරා වත් බලන්න යන්න ඕනේ දවසක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,440
    1
    62,141
    113
    Mother Earth
    ඕකේ අර සුදු පාට ලොකු රවුමක් තියෙන්නේ මොකද්ද බන් සුළියක් වගේ. Jupiter එකේ දුවිලි කුණාටු එනවද? JWST එක saturn images බලන්න ආසයි. කවද එවයි ද දාන්නේ නෑ. 🤔 මගේ ආසම planet එක තමයි saturn❤️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    ඕකේ අර සුදු පාට ලොකු රවුමක් තියෙන්නේ මොකද්ද බන් සුළියක් වගේ. Jupiter එකේ දුවිලි කුණාටු එනවද? JWST එක saturn images බලන්න ආසයි. කවද එවයි ද දාන්නේ නෑ. 🤔 මගේ ආසම planet එක තමයි saturn❤️
    අධෝරක්ත කිරණ කැමරාවට සුදුපාටට පෙනුනට ඕක රතු පාටට හුරු ලපයක් "The Great Red Spot" කියලා කියන්නෙ. ඕකෙ විශ්කම්භෙ විතරක් කිලෝමීටර 16350 ක් විතර වෙනවා, පෘථිවියෙ විශ්කම්භෙටත් වඩා වැඩියි. ඕක පැයට කිලෝමීටර 432 ක් විතර වේගෙන් හමන "anticyclonic storm" වර්ගයේ විශාල කුණාටුවක්, ඒ කියන්නෙ අඩුපීඩන කලාපෙකට ඉහළින් පිහිටලා තියෙන, ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට හමාගෙන යන අධි පීඩන ප්‍රදේශයකින් යුක්ත කුණාටුවක් තමයි ඔය ලොකු රතු ලපයක් වගේ පේන්නෙ. ඔය වර්ගයේ කුණාටු තමයි හුගක් බ්‍රහස්පතිගෙ හමායනවා දකින්න පුළුවන්. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,440
    1
    62,141
    113
    Mother Earth
    මාරයි බන්. පෘථිවිය නිකන් තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෙක් වගේ. solar flare එකකුත් මේ මාසෙ එනවා කියල තිබ්බා පත්තරේක.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩේහ්.... බ්‍රහස්පති කියන්නේ දුරේක්ෂයෙන් බලන්න පුළුවන් ලස්සනම ග්‍රහලෝකයක් ලු නේ බං... පට්ට ආසයි පියවි ඇහැට දකින්න....😍😍
     

    Similar threads