🌌🛰️🌎 හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මගින් දුටු අපූරු මන්දාකිණි ත්‍රිත්වය 🌎🛰️🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,076
    113
    118773158_705412640060012_3623625238971199807_n.jpg


    හබල් දුරේක්ෂය (Hubble Space Telescope) මගින් ලබාගත් අපූරු මන්දාකිණි ත්‍රිත්වයක ඡායාරූපයක් නාසා ආයතනය විසින් පසුගියදා එළි දැක්විය. පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය වන මෙම මන්දාකිණි ත්‍රිත්වය අතරින් කැපීපෙනෙනම මන්දාකිණිය වනුයේ දකුණු පස ඉහළින් වන්නට දිස්වන හුදෙකලා මන්දාකිණියක් වන "LEDA 58109" නමින් හදුන්වන මන්දාකිණියයි. මෙම ඡායාරූපය මගින් දැක්වෙන අනෙක් මන්දාකිණි ද්විත්වය වන පහළ වම්පස කෙළවරට වන්නට පිහිටා ඇති, ක්‍රියාකාරී මන්දාකිණි න්‍යෂ්ටියකින් (Active Galactic Nucleus - AGN) සමන්විත වූ "SDSS J162558.14+435746.4" නම් මන්දාකිණිය හා එම මන්දාකිණියට පිටුපසින් වන්නට පිහිටා ඇති "SDSS J162557.25+435743.5" නමින් හදුන්වන මන්දාකිණිය ද මෙහිදී නිරීක්ශනය කළ හැක.

    සාමාන්‍යයෙන් මන්දාකිණි වර්ගීකරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් සර්පිලාකාර (spiral) හා ඉලිප්සාකාර (elliptical) මන්දාකිණි යන දෙකොට්ඨාසයට අදාළව දැක්වුවද, මන්දාකිණිවල ව්‍යුහයන්ගේ පවතින විවිධත්වය හා ඒවායේ පවතින සංකීර්ණත්වය හේතුවෙන් එසේ වර්ගකිරීමක් සිදුකිරීම න්‍යායාත්මකව අපහසු කාර්යයක් බව තාරකා විද්‍යාඥයන් වර්ථමාන මතය වී තිබෙන අතර එම මතයට කදිම නිදසුනක් මෙම ඡායාරූපයේ දිස්වන මන්දාකිණියන්ගෙන් නිරූපණය වන එකිනෙකට වෙනස්වූ විවිධත්වයන් තුළින් ලබාදේ.

    මේ අයුරින් මෙම මන්දාකිණියන් වර්ගීකරණයන් මගින් නාමකරණය කිරීමේදී එක් එක් වර්ගීකරණය අනුව වෙනස් නාමයන්ගෙන් හැදින්වීම සිදු කරනු ලබයි. නිදසුනක් ලෙස මෙහි දිස්වන "LEDA 58109" මන්දාකිණිය, "LEDA මන්දාකිණි දත්ත ගබඩාව" (LEDA galaxy database) යටතේ මෙලෙස නාමකරණය කර තිබුණද, "MCG මන්දාකිණි වර්ගීකරණය" (MCG galaxy catalog) යටතේ " MCG+07-34-030 " ලෙස හා "SDSS මන්දාකිණි වර්ගීකරණය" (SDSS galaxy catalog) යටතේ "SDSS J162551.50+435747.5" ලෙස ද නාමකරණය සිදුකොට තිබේ.


    Image credit: ESA/Hubble & NASA, W. Keel

    potw2230a.jpeg





     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,076
    113
    මොකක්ද ඔය මන්දාකිනිය කියන්නේ
    වායු, දූවිලි, බිලියන ගාණක් වෙන තාරකා වගේම ඒ තාරකාවලට අයිති වෙන ග්‍රහලෝක ඇතුළත් වෙන සෞරග්‍රහ මණ්ඩලත් ගුරුත්වය මගින් එකම පොදියක් විදිහට රදවගෙන ඉන්න කලාපෙකට තමයි මන්දාකිණියක් කියලා කියන්නේ. :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වායු, දූවිලි, බිලියන ගාණක් වෙන තාරකා වගේම ඒ තාරකාවලට අයිති වෙන ග්‍රහලෝක ඇතුළත් වෙන සෞරග්‍රහ මණ්ඩලත් ගුරුත්වය මගින් එකම පොදියක් විදිහට රදවගෙන ඉන්න කලාපෙකට තමයි මන්දාකිණියක් කියලා කියන්නේ. :yes:

    අහ්හ්හ් එහෙම සින් එකක් ද
     

    Similar threads