🌎🌠💥 එළඹෙන මාර්තු 25 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව ඇති දැවැන්ත ග්‍රාහකය: "2023 DZ2" 💥🌠🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113

    jhGPh6y.jpg

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    2023 වසරේ පෙබරවාරි මාසයෙහි අගභාගයේදී, එනම් මීට සති තුනකට පමණ ඉහතදී ස්පාඤ්ඤයේ, කැනරි දූපතෙහි පිහිටා ඇති "La Palma" අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගින් සොයාගනු ලැබූ මෙම ග්‍රාහකය (Asteroid) නම් කර ඇත්තේ "2023 DZ2" ලෙසය. මීටර 64 ක (අඩි 210) විෂ්කම්භයකින් යුක්ත වූ මෙම ග්‍රාහකය එළඹෙන මාර්තු 25 වනදා, ජාත්‍යන්තර වේලාවෙන් (Coordinated Universal Time - UTC) පස්වරු 19:51 ට (ශ්‍රී ලංකා වේලාවෙන් මාර්තු 26 වනදා උදෑසන 01:21 ට) පෘථිවියට කිලෝමීටර 168 300 ක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබේ.

    පෘථිවියේ සිට අපගේ චන්ද්‍රයාට පවතින ක්ලෝමීටර 384 400 ක දුර ප්‍රමාණයෙන් 4/10 ක, එනම් පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුර ප්‍රමාණයෙන් 0.4 ක දුරකින් මෙම ග්‍රාහකය මෙදින පෘථිවිය පසුකරමින් ගමන් කරනු ඇත. "Apollo family of asteroids" නැතහොත් "near-earth asteroids" යන ග්‍රාහක කාණ්ඩයට අයත් වන මෙම "2023 DZ2" නම් ග්‍රාහකය නැවතත් 2026 වසරේ මාර්තු 27 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව ඇත. මෙම 2026 වසරේ සිදුකරන ගමනේදී මෙම ග්‍රාහකය පෘථිවිය හා ගැටීමට විශාල ඉඩප්‍රස්ථාවක් පැවතිය හැකි බවට විද්‍යාඥයන්ගේ විසින් මුලදී මත පළ කළ තිබුණද, මේ පිළිබද සිදුකළ වැඩිදුර අධ්‍යයනයන්ගෙන් හෙළි වූයේ මෙම ග්‍රාහකය පෘථිවිය හා ගැටීමට පවතින ඉඩප්‍රස්ථාව මිලියන 38 න් පංගුවක් (1-in-38 000 000) වැනි ඉතා අවම අගයක් ගන්නා බවයි.


    FrvQz5WXoAYJlAs




    ග්‍රාහකය කක්ෂගතව ඇති මාර්ගය

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    ko monawath une na
    ඉතින් හැපෙන්න එපැයි මොනවත් වෙන්න. :lol: මේ ග්‍රාහකේ යන්නෙ පෘථිවියෙ ඉදලා කිලෝමීටර 168 300 ක් ඈතින්.

    ada neda? :rolleyes2:
    ලංකාවට නම් හෙට උදේ 1: 21 විතර.
    ------ Post added on Mar 25, 2023 at 1:04 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඇයි එකක්වත් වදින්නේ නැත්තේ.. හෙන ප්‍රශ්නයක් ඕක :shocked:
    කවදහරි දවසක කන්න වෙනවා අනිවාර්යයෙන්ම.

    ඕකක් හැප්පුනොත් මොනා වෙයිද නෙහ් :eek:
    , ග්‍රහකය සාගරයට වැටුණහොත්, බලපෑමට ලක් වූ ස්ථානය ආසන්නයේ යෝධ රළ තරංග සෑදිය හැකි අතර, වෙරළබඩ නගර වෙත ළඟා විය හැකිය.

    ග්‍රහකය ගොඩබිම් ස්කන්ධයකට බලපෑම් කළහොත්, විශාල කම්පන තරංගයකට අමතරව, විශාල අංශු ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරිනු ඇත, එමඟින් ගෝලීය පරිමාණයෙන් බරපතල පාරිසරික හානියක් සහ මහා ජීවීන් වඳවීම් සිදුවනු ඇත. අප දන්නා පරිදි, විශාල ග්‍රහකවල බලපෑම ඵය කුමන ස්ථානයකට ගොඩ බැස්සත් විනාශකාරී බලපෑම් ඇති කරයි. ප්‍රධාන වශයෙන් වායුව ස්වසනයට නුසුදුසු තත්ත්වයට පත්වීම, දුහුවිලි වලාවකින් වැසීයාම නිසා හිරුඑළිය ආවරණය වීම මෙය දීර්ඝ කාලයක් පැවතීමටද පුළුවන්, ජලය අපිරිසුදුවීම. ඇතිවන ඝට්ටනයේ ප්‍රබලතාවය මත ජීවීන් සම්පූර්ණයෙන් හෝ කොටසක් විනාශ වනු ඇතිබව තමයි කියන්නෙ
    ------ Post added on Mar 26, 2023 at 12:19 AM
     
    Last edited:

    Similar threads