🌎👩‍👩‍👧‍👦 "Stanford torus' - අනාගත ලෝකයේ අභ්‍යවකාශ ජනපදය 👩‍👩‍👧‍👦🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Harlem4.jpg


    "Stanford torus' ලෙස හදුන්වන්නේ 1975 වර්ෂයේදී නාසා ආයතනය විසින් කැලිෆෝර්නියාවේ පිහිටි ස්ටැන්ෆර්ඩ් සරසවියේදී (Stanford University) සිදුකරන ලද අධ්‍යනයකදී යෝජනා කරන ලද අනාගත අභ්‍යවකාශ ජනපදයක ආකෘතියකි.මෙම යෝජිත අභ්‍යවකාශ ජනපදය භ්‍රමණය වන දැවැන්ත ඩෝනටයක ස්වරූපයක් ගන්නා වළල්ලක ආකාරයකින් යුක්ත වන අතර පෘථිවියට සමාන වූ ගුරුත්වයකින් මෙන්ම කාලගුණයකින් ද සමන්විත වේ. කිලෝමීටර 1.8 ක විෂ්කම්භයකින් යුක්ත වූ 10000-140000 ක් අතර පිරිසකට ස්ථිර වාසස්ථානයන් සැපයීමේ හැකියාවකින් යුක්ත වූ මෙම "Stanford torus' අභ්‍යවකාශ ජනපදය මිනිත්තුවකදී එක් සම්පූර්ණ වටයක් භ්‍රමණය වන අතර එහිදී ඇතිවන කේන්ද්‍රාපිසාරී බලය (centrifugal force) හේතුකොට ගෙන බාහිර වළල්ල අභ්‍යන්තරයේ 0.9g ත්, 1.0g ත් අතර වූ කෘතිම ගුරුත්වයක් උත්පාදනය කිරීම සිදු කරනු ලබයි.


    යෝජිත "Stanford torus' අභ්‍යවකාශ ජනපදය

    Stanford_torus_external_view_by_Don_Davis_AC76-0525.jpg


    1024px-Stanford_Torus_interior.jpg



    Stanford torus


    පහත වීඩියෝව මගින් දැක්වෙන්නේ තාරකා විද්‍යාඥයකු සේම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ද වන ආචාර්ය Mark Garlick විසින් "Blender' ත්‍රිමාණ සජීවීකරණ මෘදුකාංගය යොදාගනිමින් නිර්මාණය කරන ලද "Stanford torus'අභ්‍යවකාශ ජනපදය නිරූපණය කරනු ලබන පරිගණක සජීවීකරණ ආකෘතියකි. මෙම 3D ආකෘතිය නිර්මාණය කිරීමට Mark Garlick හට සති 9-10 අතර කාලයක් වැයවී ඇති අතර රූපරාමු ( frames) 2160 කින් යුක්ත වූ මෙම ත්‍රිමාණ සජීවීකරණය විදැහුම්කරණය (rendering) කිරීම සදහා පැය 48 ක කාලයක් ද ගත වී තිබේ. එමෙන්ම ඔහු විසින් මෙම විදැහුම්කරණය (rendering) සදහා NVIDIA "RTX3090' හා "RTX3080ti' යන ග්‍රැෆික් කාඩ් යොදාගත් පරිගණක 2 ක් ද යොදාගෙන ඇත.










    ලිපිය සැකසුම: Stimulus mind
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    👍👍
    ඔහොම එකක් හදන්න බඩු අරන් යන්නේ කොහොමද logistically 🤔
    කොටුවෙ නාටාමි කෙනෙක් අල්ල ගත්තනං අත් කරත්තෙන් ගෙනිහින් දෙයි....
    හැබැයි නාස එක බංකොලොත් වෙන්නම ගාණ කපනව....