Red Scare
In 1959 for the 100th Birthday of the American Petroleum industry, he warned about the Global warming....
"Ladies and gentlemen, I am to talk to you about energy in the future. I will start by telling you why I believe that the energy resources of the past must be supplemented. First of all, these energy resources will run short as we use more and more of the fossil fuels. [....] But I would [...] like to mention another reason why we probably have to look for additional fuel supplies. And this, strangely, is the question of contaminating the atmosphere. [....] Whenever you burn conventional fuel, you create carbon dioxide. [....] The carbon dioxide is invisible, it is transparent, you can’t smell it, it is not dangerous to health, so why should one worry about it?
Carbon dioxide has a strange property. It transmits visible light but it absorbs the infrared radiation which is emitted from the earth. Its presence in the atmosphere causes a greenhouse effect [....] It has been calculated that a temperature rise corresponding to a 10 per cent increase in carbon dioxide will be sufficient to melt the icecap and submerge New York. All the coastal cities would be covered, and since a considerable percentage of the human race lives in coastal regions, I think that this chemical contamination is more serious than most people tend to believe."
When questioned he added...
"At present the carbon dioxide in the atmosphere has risen by 2 per cent over normal. By 1970, it will be perhaps 4 per cent, by 1980, 8 per cent, by 1990, 16 per cent [about 360 parts per million, by Teller’s accounting], if we keep on with our exponential rise in the use of purely conventional fuels. By that time, there will be a serious additional impediment for the radiation leaving the earth. Our planet will get a little warmer. It is hard to say whether it will be 2 degrees Fahrenheit or only one or 5.
But when the temperature does rise by a few degrees over the whole globe, there is a possibility that the icecaps will start melting and the level of the oceans will begin to rise. Well, I don’t know whether they will cover the Empire State Building or not, but anyone can calculate it by looking at the map and noting that the icecaps over Greenland and over Antarctica are perhaps five thousand feet thick."
There is no great genius without a touch of madness. There's a fine line between genius and insanity.Damn
I would like to withdraw my statement
He is a genius.
There is no great genius without a touch of madness. There's a fine line between genius and insanity.![]()
![]()
"Edward Teller" (එඩ්වර්ඩ් ටෙලර්) යනු ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කළ "මැන්හැටන් ව්‍යාපෘතිය" (Manhattan project) සදහා ප්‍රමුඛතම දායකත්වයක් දැක්වූ හංගේරියානු - ඇමරිකානු න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකි. ආචාර්ය "එඩ්වර්ඩ් ටෙලර්", "හයිඩ්‍රජන් බෝම්බය" නැතහොත් තාප න්‍යෂ්ටික බෝම්බයේ (Thermo-nuclear weapon) පියා යන විරුද්ධාවලියෙන් ද හදුන්වනු ලැබයි. ලොව පළමු න්‍යෂ්ටික පිපිරුම වූ 'Trinity' න්‍යෂ්ටික පිපිරුම සහ හිරෝෂිමා-නාගසාකි නගරවලට හෙළූ න්‍යෂ්ටික විඛණ්ඩනය මගින් ශක්තිය මුදාහරින න්‍යෂ්ටික බෝම්බයන්ට (Fission bomb) වඩා දහස් ගුණයක ශක්තියක් මුදාහළ හැකි න්‍යෂ්ටික විලයන (nuclear fusion) ක්‍රියාවලියක් භාවිතා කරන තාප න්‍යෂ්ටික බෝම්බයන් පිළිබදව අදහස ලොවට මුලුවරට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර් විසිනි. ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර් සහ පෝලන්තයේ උපත ලද ඇමරිකානු ජාතික ගණිතඥයකු හා න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වූ "Stanislaw Ulam" ගේ මූලිකත්වයෙන් 1951 වසරේ වසන්ත සෘතුවේ දී, ඇමරිකාවේ, නිව් මොක්සිකෝ ප්‍රාන්තයෙහි පිහිටි "Los Alamos" විද්‍යාගාරයේදී ලොව ප්‍රථම ක්‍රියාකාරී තාප න්‍යෂ්ටික අවිය තැනීමේ කර්තව්‍යය ආරම්භ කරන ලදී.
එම වැඩපිළිවෙළ සාර්තකත්වයට පත් කරමින් 1952 වසරේ නොවැම්බර් මාසයේදී "Sousage device" නමින් හැදින්වූ මූලාකෘති සැලැස්ම පාදක කරගනිමින් නිපදවූ "Ivy Mike" නම් වූ පළමු තාප න්‍යෂ්ටික අවිය අත් හදා බැලීය. මෙම න්‍යෂ්ටික අවිය මගින් TNT මෙගාටොන් 10.4 ක පිපිරුම් ශක්තියක් නිකුත් කළ අතර 1954 වසරේ මාර්තු මාසයේදී අත්හදා බැලූ "Castle bravo" තාප න්‍යෂ්ටික අවිය මගින් TNT මෙගාටොන් 15 ක පිපිරුම් ශක්තියක් මුදාහරින ලදී. මෙම "Castle bravo" තාප න්‍යෂ්ටික අවි පිපිරුම ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරන ලද විශාලතම න්‍යෂ්ටික පිපිරුම ලෙසට ද ඉතිහාස ගත වේ. මෙම න්‍යෂ්ටික අවිය මගින් මුදාහළ පිපිරුම් ශක්තිය ජපානයේ හිරෝෂිමා නගරයට හෙළු "Fat man"න්‍යෂ්ටික බෝම්බය මගින් මුදා හළ පිපිරුම් ශක්තිය මෙන් 1000 ගුණයකටත් වඩා ඉහළ අගයක් වුණි.
ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර්
![]()
"Ivy Mike" සහ "Castle bravo" තාප න්‍යෂ්ටික අවි පිපිරුම්
Ivy Mike
Castle Bravo
නමුත් වඩා විශාල පිපිරුම් ශක්තියක් මුදාහළ න්‍යෂ්ටික අවි නිපදවීමේ උන්මාදයකින් පසුවූ ආචාර්ය ටෙලර් "Castle bravo" තාප න්‍යෂ්ටික අවි පිපිරුම කුඩා දරුවෙකු විසින් සිදු කළ සෙල්ලමක් (child’s play) ලෙස සැලකුවේය. මේ හේතුව නිසා ඇමරිකා එක්සත් ජනපද පරමාණුක බලශක්ති කොමිෂන් සභාවේ මහජන උපදේශක කමිටුව (General Advisory Committee of the Atomic Energy Commission) සමග රහස් සාකච්ඡා පවත්වමින් ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර් කියා සිටියේ ඔහු ඇතුළු, ඔහු සේවය කළ "Livermore" විද්‍යාගාරයේ පර්යේෂකයන් "Castle bravo" න්‍යෂ්ටික අවියටත් වඩා ඉහළ පිපිරුම් ශක්තියක් නිකුත් කළ හැකි නව න්‍යෂ්ටික අවි ආකෘතීන් අත්හදා බලමින් සිටින බවයි. ආචාර්ය ටෙලර් විසින් මේ න්‍යෂ්ටික අවි ආකෘතීන් අතරින්, පරමාණුක බලශක්ති කොමිෂන් සභාවේ මහජන උපදේශක කමිටු සාමාජිකයන්ගේ මූලික අවධානය යොමු කරවනු ලැබුවේ 'Gnomon' සහ 'Sundial' නම් න්‍යෂ්ටික අවි ආකෘතීන් වෙතටයි.
මෙම 'Gnomon' න්‍යෂ්ටික අවි ආකෘතිය මගින් TNT මෙගාටොන් 1000 ක් එනම් ගිගාටොන් 1 ක ශක්තියක් ද, 'Sundial' අවි ආකෘතිය මගින් මෙගාටොන් 10000 ක, එනම් ගිගාටොන් 10 ක අති දැවැන්ත පිපිරුම් ශක්තියක් මුදා හැරීමේ හැකියාවක් පවතින බවත් ආචාර්ය ටෙලර් විසින් මෙහිදී ප්‍රකාශ කොට තිබේ. ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර්ගේ සමීපතම විද්‍යාඥයන් පවා කම්පනයට පත් කළ මෙම න්‍යෂ්ටික අවි ආකෘතීන් අත්හදා බැලීමට මිනිස් වර්ගයාගේ වාසනාවකට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් යොමු වූයේ නැත. 1963 වර්ෂයේදී නිකුත් කළ විශේෂ වාර්තාවකට අනුව මෙගාටොන් 10000 ක (ගිගාටොන්) න්‍යෂ්ටික අවියක් පෘථිවියේ සිට කිලෝමීටර 28 ක් (සැතපුම් 45) ඉහළ ආකාසයේදී පිපිරුවා හැරියහොත් කිලෝමීටර 800 ක් විෂ්කම්භයකින් යුත් බිම් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම දවා අළු කිරීමට හැකියාව පවතින බව හෙළි කොට තිබේ. මෙම බිම් ප්‍රමාණය ප්‍රංශයට අයත් මුළු බිම් ප්‍රමාණයට සමාන අගයකි. එමෙන්ම පිපිරුම් ශක්තිය ගතහොත්, 1961 වසරේ ඔක්තෝම්බර් 30 වන දින අත්හදා බැලූ ලොව විශාලතම පිපිරුම් ශක්තියක් නිකුත් කළ, එනම් TNT මෙගාටොන් 50-58 අතර අගයක් ගත් (මෙහි මුලින් යෝජිතව පැවතියේ TNT මෙගාටොන් 100 පිපිරුම් ශක්තියක් නිකුත් කළ හැකි න්‍යෂ්ටික අවියකි) "Tsar Bomba" නම් තාප න්‍යෂ්ටික අවියට වඩා 200 ගුණයකින් එඩ්වර්ඩ් ටෙලර්ගේ මෙම න්‍යෂ්ටික අවි ආකෘතිය බලවත් ය.
න්‍යෂ්ටික අවිවල පිපිරුම් ශක්තියෙහි විකාශනය සහ එඩ්වර්ඩ් ටෙලර්ගේ ගිගාටොන් න්‍යෂ්ටික අවි ආකෘතීන්ගේ ප්‍රබලතාවය
න්‍යෂ්ටික අවිය ප්‍රබලතාවය (Yield) Trinity (ලොව ප්‍රථම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම) TNT කිලෝටොන් 25 හිරෝෂිමා ("Little boy" න්‍යෂ්ටික අවිය - gun-type uranium bomb) TNT කිලෝටොන් 15 නාගසාකි ("Fat man" න්‍යෂ්ටික අවිය - implosion-type plutonium bomb) TNT කිලෝටොන් 21 RDS-1 (සෝවියට් දේශය විසින් අත්හදා බැලූ ප්‍රථම න්‍යෂ්ටික අවිය) TNT කිලෝටොන් 22 Hurricane (Operation Hurricane) (එක්සත් රාජධානිය විසින් අත්හදා බැලූ ප්‍රථම න්‍යෂ්ටික අවිය) TNT කිලෝටොන් 25 Gerboise Bleue (ප්‍රංශය විසින් අත්හදා බැලූ ප්‍රථම න්‍යෂ්ටික අවිය) TNT කිලෝටොන් 60-70 Ivy Mike (ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්හදා බැලූ ප්‍රථම තාප න්‍යෂ්ටික අවිය/හයිඩ්‍රජන් බෝම්බය) TNT මෙගාටොන් 10.4 (මෙගාටොන් 1 යනු කිලෝටොන් 1000 කි) Castle bravo (ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්හදා බැලූ විශාලතම න්‍යෂ්ටික අවිය) TNT මෙගාටොන් 15 RDS-37 (සෝවියට් දේශය විසින් අත්හදා බැලූ පළමු තාප න්‍යෂ්ටික අවිය - two-stage hydrogen bomb) TNT මෙගාටොන් 1.6 Tsar bomba (ලොව මෙතෙක් අත් හදාබලා ඇති විශාලතම න්‍යෂ්ටික අවියයි. සෝවියට් දේශය විසින් අත්හදා බලා ඇත) TNT මෙගාටොන් 50-58 එඩ්වර්ඩ් ටෙලර්ගේ 'Gnomon' තාප න්‍යෂ්ටික අවි ආකෘතිය TNT මෙගාටොන් 1000 (ගිගාටොන් 1 යි) එඩ්වර්ඩ් ටෙලර්ගේ 'Sundial' තාප න්‍යෂ්ටික අවි ආකෘතිය TNT මෙගාටොන් 10 000 (ගිගාටොන් 10 යි)
ආචාර්ය එඩ්වර්ඩ් ටෙලර් සහ හයිඩ්‍රජන් බෝම්බය සම්බන්ධව තොරතුරු ඇතුළත් රූපවාහිනී වාර්ථා චිත්‍රපටය
"Tsar bomba" එකෙන් බෝමබෙ පුපුරපු තැන (ground zero) ඉදන් කිලෝමීටර 100 ක් දුරට යනකම් 3rd degree burns ඇති කරවන්න පුළුවන්. ඒක TNT මෙගාටොන් 50-60 ක බෝම්බයක්. ලංකාවෙ උතුරෙ ඉදලා දකුණට හරි කෙළින් බැලුවොත් කිලෝමීටර 435 ක් තියෙනවා. බටහිර ඉදලා නැගෙනහිරට බැලුවොත් කිලෝමීටර 240 ක් තියෙනවා. එහෙම බැලුවොත් කොච්චර explosive yield එකක් ඕන වෙයි ද කියලා නිකන් හිතලා බලන්න.lakepankawata kiloton kiyak withara adda? one shot nuke wenna?
Russia please do something sooner..."Tsar bomba" එකෙන් බෝමබෙ පුපුරපු තැන (ground zero) ඉදන් කිලෝමීටර 100 ක් දුරට යනකම් 3rd degree burns ඇති කරවන්න පුළුවන්. ඒක TNT මෙගාටොන් 50-60 ක බෝම්බයක්. ලංකාවෙ උතුරෙ ඉදලා දකුණට හරි කෙළින් බැලුවොත් කිලෝමීටර 435 ක් තියෙනවා. බටහිර ඉදලා නැගෙනහිරට බැලුවොත් කිලෝමීටර 240 ක් තියෙනවා. එහෙම බැලුවොත් කොච්චර explosive yield එකක් ඕන වෙයි ද කියලා නිකන් හිතලා බලන්න.![]()
Castle bravo walata wada tsar bombe lokuine
පිස්සු යකෙක් මූ නන් (2)පිස්සු යකෙක් මූ නන්