🛰️🌟✨ "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු මනරම් විමෝචන නිහාරිකාවන් ද්විත්වය: "Lagoon Nebula" සහ "Trifid Nebula" ✨🌟🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    YOflNts.jpg


    Lagoon Nebula

    "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් සකස් කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙනුයේ "Lagoon Nebula" නම් වූ මනරම් විමෝචන නිහාරිකාවයි (emission nebula). පෘ ථිවියේ සිට ආලෝක වර්ෂ 4400 ක් ඈතින්, 'Sagittarius'තාරකා රාශියට අයත්ව පිහිටාතිබෙන මෙම විමෝචන නිහාරිකාව වඩාත් සක්‍රීය ලෙස නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශයක් (Active star forming region) ලෙස ද සැලකේ. මේ අතර 'Lagoon' නිහාරිකාව අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින "H II ප්‍රදේශයක්" (H II region) ලෙස ද සලකනු ලබයි. තාරකා පොකුරු හා හයිඩ්‍රජන් වායුවෙන් ගහණව පවතින 'Lagoon' නිහාරිකාව පෙන්නුම් කෙරෙන පහත දැක්වෙන ඡායාරූපය මගින් ආලෝක වර්ෂ 35 ක් විෂ්කම්භයකින් යුක්ත වූ ප්‍රදේශයක් නිරූපණය කෙරේ.

    F0dQf31aYAAoQuI




    Trifid Nebula

    "Chandra'අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් සකස් කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙනුයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5200 ක් ඈතින්, 'Sagittarius' තාරකා රාශියට අයත්ව පිහිටා ඇති "Trifid Nebula" නමින් හදුන්වන මනරම් නිහාරිකාවයි. රතු විමෝචන නිහාරිකා (red emission nebula), නිල් පරාවර්තන නිහාරිකා (blue reflection nebula) සහ අඳුරු නිහාරිකා (dark nebula) යන නිහාරිකාවන් වර්ග ත්‍රිත්වයෙන්ම පෙන්නුම් කෙරෙන ලක්ෂණයන් මෙම "Trifid Nebula" මගින් පෙන්නුම් කිරීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස සදහන් කළ හැකිය.

    F0srKdVaUAA-Q79