මෙම වසරේ දෙසැම්බර් මස 19 වන දින, සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන නැතහොත් 'perihelion' නම් අවස්ථාවට සම්ප්‍රාප්ථ වෙමින් සිටින්නේ "C/2017 K2 (PanSTARRS)" නමින් හදුන්වනු ලබන වල්ගාතරුවයි. මේ දිනවලදී දුරේක්ෂයන් මගින් රාත්‍රී ආකාසය නිරීක්ශනය කරන විට 'Scorpius' තාරකා රාශිය දෙසට වන්නට දැකිය හැකි මෙම වල්ගාතරුව දැක්වෙන අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තොරාගෙන තිබෙන, පසුගිය අගෝස්තු මස 18 වන දින ලබාගත් පහත දැක්වෙන ඡායාරූපය තුළින් "C/2017 K2 (PanSTARRS)" වලගාතරුවේ වූ කොළ පැහැති න්‍යෂ්ටිය ( මෙය 'coma' ලෙස හදුන්වනු ලබයි), ශ්වේත වර්ණයෙන් යුක්ත වූ දිගු දුහුවිලි වල්ගය හා කෙටි අයන වල්ගය ද පැහැදිලිව නිරීක්ශනය කළ හැකිය.
"C/2017 K2 (PanSTARRS)" වල්ගාතරුවට අමතරව මෙම පුළුල් ක්ෂේත්‍ර ඡායාරූපය (2x3 degree wide field of view) තුළින් 'Scorpius' තාරකා රාශිය තුළම පිහිටා තිබෙන දුහුවිලිවලින් ගහණ වූ නිල් ආලෝකය පරාවර්ථනය කරනු ලබනපරාවර්ථන නිහාරිකාවක් (reflection nebula) වන "Blue Horsehead Nebula" නම් නිහාරිකාව (IC 4592 යන නාමයෙන් ද හදුන්වනු ලබයි) දිස්වන ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම "Blue Horsehead" නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක පමණ දුරකින් පිහිටා තිබෙන අතර "C/2017 K2 (PanSTARRS)" වල්ගාතරුව මේ වනවිට පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක මිනිත්තු 17 ක පමණ දුරකිනි. ප්ලූටෝ හා බාහිර සෞරග්‍රහ මණ්ඩලයෙහි වූ පරිස්ථිති තැටියක (circumstellar disc) ආකාරයක් ගන්නා "Kuiper Belt" නම් ප්‍රදේශයේ සීමාවත් අතර පිහිටා තිබෙන සෛද්ධාන්තික ගෝලාකාර වලාකුළක් වන "Oort cloud" පිහිටා ඇති කාලාපයේ සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරය හරහා සිය මංගල ගමන සිදුකරන මෙම "C/2017 K2 (PanSTARRS)" වල්ගාතරුව තාරකා විද්‍යාඥයන් විසින් ප්‍රථමවරට නිරීක්ශනය කරනු ලැබුවේ සෙනසුරු ග්‍රහයාට ඔබ්බෙන් වූ කක්ෂයක ගමන් කරමින් සිටි අවස්ථාවකය.
Image Credit & Copyright: Rolando Ligustri (CARA Project, CAST)
Comet C/2017 K2 (PANSTARRS)
C/2017 K2 (PanSTARRS)

ඇහි පිල්ලම් ගහන ක්ශෙනික නැති වෙනව.