🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 15 - අඟහරු ග්‍රහයා මත ඇති "gator-back rocks" පාෂාණයන් 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    nvexcIu.jpg


    අඟහරු ග්‍රහයාගේ ඇති "Mount Sharp" නම් කදුවැටිය පාමුල පිහිටා තිබෙන පුළුල් බෑවුම් තැනිතලාව, අඟහරු ග්‍රහයා මත තිබෙන ආවාටයක් වන විෂ්කම්භය කිලෝමීටර 154 ක් වන "Gale" ආවාටය (Gale crater) තුළ නිර්මාණය වී ඇති ප්‍රදේශයකි.එම තැනිතලා ප්‍රදේශයෙහි ඇති සුවිශේෂී පාෂාණ විශේෂයක් වන "gator-back rocks" පාෂාණයන් එම තැනිතලාව ඇති ප්‍රදේශය පුරා විසිරී ඇති ආකාරය දැක්වෙන මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති අතර මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ අඟහරු මතට යවා ඇති "Curiosity" රෝවරයෙහි (Curiosity rover) ඇති "Mastcam" නමින් හදුන්වන වර්ණ ඡායාරූප හා වීඩියෝවන් පටිගත කළ හැකි සුවිශේෂී කැමරාව භාවිතා කරමින් වන අතර 2022 වසරේ මාර්තු 15 වනදා එනම් "mission sol 3,415" (මෙය අභ්‍යවකාශ මෙහෙයුම් කාලසීමාවන් ගණනය කිරීමට යොදාගන්නා භාවිතයකි) වනදා මෙම ඡායාරූපය ලබාගැනීම සිදුකර තිබේ. "Curiosity" රෝවරය "Gale" ආවාටය තරණය කිරීම සදහා මෙම "gator-back rocks" මතින් ගමන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ රෝවරයේ රෝදවලට හානි වීමක් සිදුවී ඇති අතර එමනිසා "Curiosity" මෙහෙයුම් භාර විශේෂඥයින් කණ්ඩායම තීරණය කරනු ලැබුවේ වෙනත් අතුරු මාර්ගයක් භාවිතා කරමින් රෝවරය "Gale" ආවාටයේ මුදුන දක්වා ගමන් කර වීමටයි. 2014 වසරේ සිට "Curiosity" රෝවරය, "Gale" ආවාටයේ නැග්මේ සිට (උස්බිම්වල ඇති බෑවුමේ සිට) කිලෝමීටර 5.5 මධ්‍යයට වන්නට පිහිටා ඇති උස් කදුකර භූමියේ තම ගවේශණ කටයුතු සිදු කරමින් පසුවන අතර රෝවරය විසින් ආවාටයේ බෑවුම් ප්‍රදේශ තරණය කරමින් ඉහළට නැගීම ආරම්භ කිරීමට සූදානමින් පසුවන අතර එම ඉහළට නැග්මේදී හමුවන පස් හා පාෂාණ ස්ථර ගවේශණය කිරීම මගින් වසර බිලියන ගණනකට පෙර අඟහරු ග්‍රහයා මත ජලය පැවති ආකාරය අධ්‍යයනය කිරීම විද්‍යාඥයන්ගේ මූලික අරමුණක් වී තිබේ.


    Image Credit: NASA, JPL-Caltech, MSSS

    PIA25175.jpg





    NASA's Curiosity Mars rover turns to avoid dangerous 'gator-back' rocks






    "Gale" ආවාටය (Gale crater)









    Mount Sharp (Mountain)

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රිචඩ් ෆයින්මන් උගන්නන වීඩියො බලල තියෙද
    ඌත් දස මීටරක් බන්, උ දෙවල් පැහැදිලි කරල දෙනව ඕන බූරුවෙකුට තේරෙන්න

    වෙලාවට මටත් එ වගෙ මොලයක් තිබ්බ නන් කියල දුක හිතෙනව :(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    රිචඩ් ෆයින්මන් උගන්නන වීඩියො බලල තියෙද
    ඌත් දස මීටරක් බන්, උ දෙවල් පැහැදිලි කරල දෙනව ඕන බූරුවෙකුට තේරෙන්න

    වෙලාවට මටත් එ වගෙ මොලයක් තිබ්බ නන් කියල දුක හිතෙනව :(
    බලලා තියෙනවා. :yes: ඇයි දැන් තියන මොළේ මොකක් හරි අවුලක් තියනවද? :baffled: (අනූව පැන්නම ඕවා සාමාන්‍ය දේවල් සීයෙ....... නෑ.....සොරි අයියෙ :sorry::()
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Similar threads