"Gamma-ray bursts" (GRBs), නැතහොත් සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරන පරිදි "ගැමා- කිරණ පිපිරුමක්" යනුවෙන් හදුන්වන්නේ සුපර්නෝවා පිපුරුම්වලටත් වඩා සියගුණයක දීප්තියක් නිකුත් කරනු (සූර්යයා මෙන් මිලියන-ට්‍රිලියන ගුණයක දීප්තියක් නිකුත් කරන පිපිරුම්) ලබන විශ්වයේ දැකිය හැකි විශාලතම පිපිරුම් විශේෂයකි. මෙවැනි පීපිරීමක්, ආයුකාලය අවසන් කළ ගුරුත්වාකර්ෂණ කඩාවැටීමට ලක්වූ තාරකාවක හරය, කළු කුහරයක් බවට පරිවර්තනය වී ඇති බවට හෝඩුවාවන් සපයන සංඥාවක් ලෙස ද සලකනු ලබයි. පහත දැක්වෙන "GIF ඉමේජයෙන්' නිරූපණය වන්නේ "GRB 221009A' නමින් හදුන්වන දැවැන්ත ගැමා- කිරණ පිපිරුමක් වන අතර මෙම ඉමේජය නිර්මාණය කොට ඇත්තේ "Fermi Gamma-ray Space Telescope" නම් වූ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් එකරැස් කරගත් දත්තයන් උපයෝගී කරගනිමිනි.
මෙහිදී මෙම දුරේක්ෂය මගින් හසුකරගත් ගැමා-කිරණ පිපිරුමේ අඩංගු වූ ෆෝටෝන ශක්ති ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන වෝල්ට් (Electronvolt - eV) මිලියන 100 කටත් වඩා අධික වූ අතර මෙම ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රමාණය දෘෂ්‍ය ආලෝකයේ (visible light) අඩංගු ෆෝටෝන ශක්ති ප්‍රමාණය සමග සංසන්දනය කළහොත් එහි (දෘෂ්‍ය ආලෝකයේ) අඩංගු වන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 2 ක් පමණි. අපගේ ක්ෂීරපථය මන්දාකිණියෙහි තලය දෙස සිට විකර්ණ වූ අයුරෙන් නිකුත් වූ මෙම අධි ශක්ති "ගැමා- කිරණ පිපිරුම" මගින් හටගත් දිලිසුම පහත රූපයයෙහි වම්පසට අයත් අංශක 20 ක ප්‍රදේශයක් අතරින් ගමන් කරන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර "GRB 221009A' ගැමා- කිරණ පිපිරුමත් සමග තාවකාලිකව හටගත් ක්ෂණික දීප්තිය "GIF ඉමේජයෙහි මධ්‍යයයට වන්නටව දිස්ව එම මොහොතෙහිම නැතිව යන අයුරු ද මෙහිදී දැකගත හැකිය.
මෙතෙක් හදුනාගත් "ගැමා- කිරණ පිපිරුම්" අතරින් දීප්තිමත්ම "ගැමා- කිරණ පිපිරුමක්" ලෙස සලකනු ලබන මෙම "GRB 221009A" යනු පෘථිවියට ආසන්නතම ස්ථානයකින් වාර්ථා වූ "ගැමා- කිරණ පිපිරුමක්" ලෙස හැදින්වුව ද මෙම "ගැමා- කිරණ පිපිරුම" හටගෙන ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2 ක් පමණ දුරකිනි. මේ අතර පසුගිය ඔක්තෝම්බර් මස 09 වන දින, පෘථිවිය වටා කක්ෂ ගතව පවතින ඉහත සදහන් කරන ලද "Fermi Gamma-ray Space Telescope" මගින් "GRB 221009A' හි හටගත් මෙම "ගැමා- කිරණ පිපිරුම" හේතුවෙන් නිකුත් වූ ගැමා- කිරණයන්හි අඩංගු වී තිබූ අධි ශක්ති විකිරණයන් පැය 10 ක කාලසීමාවක් මුළුල්ලේ පෘථිවිය ආශ්රිත කලාපය හරහා ගමන් කළ අයුරු ද හසුකරගැනීමට මෙහිදී සමත් වී තිබේ.
Image Credit: NASA, DOE, Fermi LAT Collaboration
NASA’s Swift, Fermi Missions Detect Exceptional Cosmic Blast