🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 29 - "Aquila' හි අඳුරු වළාකුළු (LDN 673) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    nvexcIu.jpg


    ක්ෂීරපථය මන්දාකිණියට අයත්ව පවතින "Aquila Rift" නමින් හදුන්වන ප්‍රදේශය පහත ඡායාරූපය මගින් නිරූපණය වේ. Aquila, Serpens Cauda, සහ eastern Ophiuchus යන තාරකා රාශීන් දක්වා විහිදී පවතින චාපාකාර නැතහොත් තීරු ආකාරයේ ස්වරූපයකින් යුක්ත වූ දූවිලිවලින් ගහන අණුක වළාවන්ගෙන් (molecular clouds) සමන්විතව පවතින මෙම ප්‍රදේශය, රාත්‍රී ආකාසයෙහි දිස්වන "Altair" නම් දීප්තිමත් තාරකාව ආසන්නයට වන්නට දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. මෙම දූවිලිවලින් ගහණ අණුක වළාවන් තුළ නව තාරකාවන් සිය දහස් ගණනක් වුවද උපැද්දවීමට ප්‍රමාණවත් අමුද්‍රව්‍යයන් අඩංගු වී තිබෙන බව තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබෙන හෙයින් ඔවුන් මෙම අණුක වළාවන් තුළ සිදුවන නව තාරකාවක උපැද්දවීමක් සලකුණු පෙන්නුම් කරන විස්තරාත්මක සංඥාවන් හසුකර ගැනීම සදහා තම නිරන්තර අවධානය මෙම ප්‍රදේශය වෙත යොමුකරගෙන සිටී.

    පහත දැක්වෙන සමීප දුරේක්ෂීය ඡායාරූපය මගින් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති "LDN 673' නමින් හදුනාගෙන ඇති "Aquila dark cloud complex" නම් වූ අඳුරු අණුක වළාකුළු සංකීර්ණය නිරූපණය වේ. මෙම ඡායාරූපයෙහි දිස්වන ප්‍රදේශයෙහි වූ නව තාරකාවන්ගෙන් ප්‍රබල ලෙස පිටතට නිකුත් වන පදාර්ථයන්ගේ සලකුණු ඡායාරූපයේ මධ්‍යයයට මදක් ඉහළින් හා දකුණු දෙසින් වන්නට පවතින රතු පැහැයට හුරුව දිස්වන "RNO 109' නම් වූ නිහාරිකාමය ද්‍රව්‍යයන් (nebulosity) මගින් පෙන්නුම් කරයි. නව තාරකාවන් බිහිවීමේදී නිකුත්වන කම්පන තරංගයන් මගින් හටගන්නා අන්තර්තාරකා සුළං (stellar winds) හේතුවෙන් ඒ අවට වූ වායූන්ගේ සිදුවන කැළබීම් මුල්කොටගෙන එම නව තාරකාවන් වටා නිර්මාණය වන දීප්තිමත් ප්‍රදේශයන් "Herbig-Haro objects" යනුවෙන් හදුන්වන අතර "HH32' නමින් හදුන්වන එවැනි "Herbig-Haro object" ප්‍රදේශයක් මෙම ඡායාරූපයෙහි පහළින් වන්නට දිස්වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම අණුක වළාකුළු සංකීර්ණය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් පමණ ඈතින් පිහිටා ඇති අතර මෙම ඡායාරූපය මගින් එහි වූ ආලෝක වර්ෂ 7 ක පමණ වපසරියක් නිරූපණය කොට තිබේ.


    Image Credit & Copyright: Frank Sackenheim, Josef Poepsel, Stefan Binnewies (Capella Observatory Team)

    LDN673.jpg




    Serpens–Aquila Rift




     

    Similar threads