🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 18 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේදී බටහිර ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි පිහිටි, පැසිපික් සයුරට ආසන්නව පිහිටා තිබෙන Bombo Quarry නම් ස්ථානයේදී ගනු ලැබූ මෙම ඡායාරූපයෙන් මනරම් රාත්‍රී අහසක දර්ශනයක් පෙන්නුම් කරයි. ඡායාරූපයේ වම්පසට වන්නට දිස්වන්නේ ඔරායන් තාරකා රාශියත් (constellation of Orion),එහි පවතින ඔරායන් නෙබියුලාව නියෝජනය කරමින්, තාරකා පටිය (belt stars) නමින් හදුන්වන රේඛීයව දිස්වන තාරකාවන් ත්‍රිත්වයත් ය. ඒවා වට කරගනිමින් Barnard's Loop නමින් හදුන්වන විමෝචන නිහාරිකාව/නෙබියුලාව (emission nebula) පවතින අතර වම් පස සිට මදක් මධ්‍යයට වන්නට පිහිටා ඇති දීප්තිමත් ආකාශ වස්තුව වන්නේ සිරියස් ( Sirius) තාරකාවයි. ඡායාරූපයේ දකුණු පසට වන්නට අපගේ ක්ෂීරපථයේ (Milky Way) ඇති දීප්තිමත්ම මණ්දාකිණි වන Large Magellanic Cloud (LMC), හා the Small Magellanic Cloud (SMC) යන මණ්දාකිණි ද්විත්වය දැකගැනීමට හැකි අතර දකුණු පස කොනට වන්නට දකුණු කුරුසිය (Southern Cross) ලෙස හදුන්වන දීප්තිමත් තාරකාවන් 4 පිහිටා තිබෙන Crux තාරකා රාශියත් (constellation of Crux) දැකගැනීමට හැකියි. එකම කැමරාවක් යොදාගෙන අඛණ්ඩව ගනු ලැබූ exposures 18 ක් උපයෝගී කරගෙන මෙම ඡායාරූපය නිර්මාණය කර තිබේ.


    OrionCross_LucyH_7441.jpg



    නම් කරන ලද ඡායාරූපය

    OrionCross_LucyH_1080_annotated.jpg