🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 19 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    ක්ෂීර පථයට ආසන්නයෙන්ම ඇති මණ්දාකිනිය (galaxy) වන ඇන්ඩ්‍රොමීඩා (Andromeda) මණ්දාකිනියේ ඡායාරූපයකුයි අද, දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ. Messier 31, M31, හා NGC 224 යන අනුවර්ථ නාමවලින් ද හදුන්වන ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිනියෙහි විශාලත්වය ආලෝක වර්ෂ 110,000 පමණ පරාසයක් පුරා විහිදී යන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2.537 දුරකින් පිහිටා තිබේ. වසර බිලියන 10.01 පමණ පෙර බිහිවූ මේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ තාරකාවන් ට්‍රිලියන 1 (1 trillion) කට අධික සංඛ්‍යාවක් පමණ පිහිටා ඇතැයි විශ්වාස කරන අතර ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය විශ්වයේ සොයාගෙන ඇති දීප්තිමත්ම වස්තු (Messier objects) අතරින් එකක් ලෙසද සලකනු ලැබේ. හබල් දුරේක්ශයේ හා ජපානයේ ජාතික අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ ඇති subaru දුරේක්ශයෙන් හා ඇමරිකාවේ, ඇරිසෝනා හි පිහිටා ඇති Kitt Peak ජාතික අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ ඇති Mayall දුරේක්ශ‍යෙන් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය විශ්වයේ ඇති අසිරිමත් බව මනාව කියාපාන්නක් ලෙස හැදින්විය හැකියි.


    M31_HstSubaruGendler_5000.jpg







    Nicholas U. Mayall Telescope

    Subaru Telescope
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං හිතන්නේ ඔය නාසා එකේ තව ලෝකය නොදන්න රහස් ඇති ඒවයින් 80% ක් විතර හෙලි කරනවා ඇත්තේ 🤔
    කොහොමත් හොයාගත්ත ගමන් දාන්නෙ නෑනෙ. හම්බවෙච්ච data ගැන පරීක්ශන කරලා, ගණනය කිරීම් කරලා වගේ හුගක් දේවල් කරලා ඒ ගැන හරියටම සහතික කරගත්තමනේ ඒවා ගැන විස්තර release කරන්නේ. සමහර spacecrafts වලින් ගත්ත ෆොටෝස් පවා රිලීස් කරන්නේ සමහර වෙලාවට අවුරුද්දකට, දෙකකට පස්සෙනේ. :yes:
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මෙකයි බුද්ධ ධර්මයයි දෙකම එකයි අනන්තයි මැරෙන්න ඉස්සරලා ටිකක් හරි දැන ගන්න ඔනැ නැත්නම් ජිවිතේන් වැඩැක් නැ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කොහොමත් හොයාගත්ත ගමන් දාන්නෙ නෑනෙ. හම්බවෙච්ච data ගැන පරීක්ශන කරලා, ගණනය කිරීම් කරලා වගේ හුගක් දේවල් කරලා ඒ ගැන හරියටම සහතික කරගත්තමනේ ඒවා ගැන විස්තර release කරන්නේ. සමහර spacecrafts වලින් ගත්ත ෆොටෝස් පවා රිලීස් කරන්නේ සමහර වෙලාවට අවුරුද්දකට, දෙකකට පස්සෙනේ. :yes:
    ඔව් ගොඩක් ඒලියන්ස්ලා ගැන පරික්ෂණ කරනවලු තව පැය බාගෙකින් ලෝකයේ ඕනම තැනකට යන්න පුළුවන් යානා තියනවලු ඇමරිකාවට ඒවා හෙලි කරන් නැල්ලු ( 'ලු' කියන්නේ මේවා gossip නිසා)
     

    Similar threads