ක්ෂීර පථයට ආසන්නයෙන්ම ඇති මණ්දාකිනිය (galaxy) වන ඇන්ඩ්‍රොමීඩා (Andromeda) මණ්දාකිනියේ ඡායාරූපයකුයි අද, දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ. Messier 31, M31, හා NGC 224 යන අනුවර්ථ නාමවලින් ද හදුන්වන ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිනියෙහි විශාලත්වය ආලෝක වර්ෂ 110,000 පමණ පරාසයක් පුරා විහිදී යන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2.537 දුරකින් පිහිටා තිබේ. වසර බිලියන 10.01 පමණ පෙර බිහිවූ මේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ තාරකාවන් ට්‍රිලියන 1 (1 trillion) කට අධික සංඛ්‍යාවක් පමණ පිහිටා ඇතැයි විශ්වාස කරන අතර ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය විශ්වයේ සොයාගෙන ඇති දීප්තිමත්ම වස්තු (Messier objects) අතරින් එකක් ලෙසද සලකනු ලැබේ. හබල් දුරේක්ශයේ හා ජපානයේ ජාතික අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ ඇති subaru දුරේක්ශයෙන් හා ඇමරිකාවේ, ඇරිසෝනා හි පිහිටා ඇති Kitt Peak ජාතික අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේ ඇති Mayall දුරේක්ශයෙන් ලබාගත් දත්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය විශ්වයේ ඇති අසිරිමත් බව මනාව කියාපාන්නක් ලෙස හැදින්විය හැකියි.
Nicholas U. Mayall Telescope
Subaru Telescope
