Cepheus නම් තාරකා රාශියේ උතුරු දෙසට වන්නට පවතින NGC 7822 නමින් හදුන්වන කලාපයේ සිදුවන සුවිශේෂී සංසිද්ධියක් නිරූපණය වන ඡායාරූපයක් අද දිනයේ ඡායාරූපය ලෙස නාසා ආයතනය තෝරා ගෙන තිබේ. එම තාරකා රාශියේ පවතින පෘථිවියට ආලෝක වර්ෂ 3000 ක පමණ දුරකින් පිහිටි ආලෝක වර්ෂ 149.99 පමණ විශාලත්වයකින් යුතු වූ මේ NGC 7822 නම්වූ දැවැන්ත කලාපය තුළ පවතින නිහාරිකාවක ඇති දැවැන්ත අණුක වළාකලක් තුළ නිර්මාණය වෙමින් පවතින නව තාරකාවක් මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ. Narrowband filters, එනම් ආලෝකයේ තරංග ආයාම යොදාගනිමින් නිර්මාණය කර ඇති මෙම ඡායාරූපය තුළ එම කලාපයේ සිදුවන විමෝචනයන් සිතියම් ගත කර තිබෙන්නේ, පරමාණුක ඔක්සිජන්, හයිඩ්‍රජන් හා සල්ෆර් යන වායූන් පිළිවෙලින් නිල්, කොළ හා රතුවර්ණයන්ගෙන් යුක්ත ප්‍රදේශ ලෙසයි.
මේ ආකාරයට සිතියම් ගත කිරීමේදී දක්නට ලැබෙන විමෝචන රේඛාවන් හා වර්ණ සංයෝජනයන් පෙන්නුම් කිරීමට යොදාගන්නා ක්‍රමය හදුන්වන්නේ Hubble Palette ලෙසටයි, ඒ මෙම ක්‍රමය හබල් දුරේක්ශයේ භාවිතා කරන ක්‍රමවේදය වීම හේතුවෙනුයි. යාබදව පිහිටා ඇති උණුසුම් තාරකාවන්ගේ බලපෑම නිසා සිදුවන පරමාණුක විමෝචන ක්‍රියාවලිය මගින් ඇතිවන ප්‍රබල සුළං හා විකිරණ හේතුකොටගෙන දැඩි පීඩනයකින් යුතු දැවැන්ත කුලුණු ලෙස දිස්වන ධූලි වළාවන් තුළ මේ නව තාරකාවේ බිහිවීම සිදුවන අතර නව තාරකාවට අමතරව තවත් නව තාරකා නිර්මාණය වීමේ හැකියාව ද මේ දැවැන්‍ත ධූලි වළාවන්හි ඇති අංශුවල ඇති ගුරුත්ව කේන්ද්‍රය වෙතට ආකර්ශනය විමට දක්වන නැඹුරුතාව එනම් gravitational collapse යන සංසිද්ධිය හේතු වී තිබේ. මෙම ඡායාරූපයෙන් පෙන්නුම් කරන සීමාපරාසය NGC 7822 කලාපයේ විශාලත්වයෙන් ආලෝකවර්ෂ 40 ක පමණ අගයක් ගනී.
NGC 7822
The Hubble Palette



