සෙනසුරුට අයත් පස්වෙනියටම විශාල උපග්‍රහයා/චන්ද්‍රයා ලෙස සැලකෙන ද්‍රව අයිස්වලින් සම්පූර්ණයෙන් වැසී පවතින "Tethys" නම් උපග්‍රහයා (ඡායාරූපයේ සෙනසුරුට ඉදිරිපසින් ඇති කුඩා චන්ද්‍රයා) සෙනසුරුගේ සමීපයට වන්නට පිහිටා ඇති ආකාරය නිරූපණය වන ඡායාරූපයක් අද දිනයේ ඡායාරූපය ලෙස නාසා ආයතනය විසින් තෝරාගෙන තිබේ. 1997 වසරේදී සෙනසුරු ගවේශනය සදහා අභ්‍යවකාශ ගත කරන ලද Cassini අභ්‍යවකාශ යානය විසින් 2005 වසරේදී "Tethys" උපග්‍රහයා දැක්වෙන මෙම ඡායාරූපය ලබාගෙන ඇති අතර "Tethys" උපග්‍රහයා සෙනසුරුට 295 000 km පමණ දුරින් පිහිටි කක්ශයක, සෙනසුරුගේ වළලු වලට බාහිරට වන්නට පිහිටා තිබේ. 1684 වසරේදී ඉතාලි ජාතික තාරකා විද්යාඥ Giovanni Domenico Cassini විසින් පළමු වරට සොයාගත් මෙම චන්ද්‍රයාගේ විෂ්කම්භය 1,062 km වන අතර පෘථිවියේ සිට ඇති දුර කිලෝමීටර බිලියන 1.272 ක අගයක් ගනී.
Tethys (moon)
Cassini–Huygens mission
Last edited:
