දැවැන්ත තාරකාවක් නිර්මාණය වෙමින් පවතින ප්‍රදේශයක් ලෙස සැලකෙන ඔරායන් නිහාරිකාව (Orion Nebula) අසල පිහිටා ඇති "NGC 1999" නමින් හදුන්වන "reflection nebula" වර්ගයට අයත් වන නිහාර්කාවක ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තොරාගෙන තිබේ. ඡායාරූපයේ විච්ත්රවත් රත් පැහැයෙන් දිස්වන්නා වූ මෙම"NGC 1999" නිහාරිකාව තම දීප්තිය නිපදවා ගන්නේ "V380 Orionis" ලෙස හදුන්වන බහු තාරකා පද්ධතියකින් (multiple star system) නිකුත්වන ආලෝකය ලබාගෙන පරාවර්තනය කර ගැනීම මගිනුයි. ආලෝක වර්ෂ 0.9 පමණ විශාලත්වයකින් යුතු මෙම "NGC 1999" නිහාරිකාවට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 1,500 පමණ අගයක් ගනි. "NGC 1999" නිහාරිකාවට අමතරව ඡායාරූපයේ පහළින් හා දකුණු දෙසට වන්නට "HH1" හා "HH2" ලෙස හදුන්වන යොවුන් තාරකාවන් යුගලත්, ඡායාරූපයේ ඉහළ කෙළවරේ දකුණු පසට වන්නට තද රත් පැහැ ගන්නා ඉරක් ලෙස දිස්වන"HH222" නැතහොත් "Waterfall nebula" නමින් හදුන්වන නිහාරිකාවත් දැකගත හැකියි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ චිලී රාජ්‍යයේ පිහිටි Paranal අභ්‍යවකාශ නීරීක්ශන මධ්‍යස්ථානයේ ඇති "VISTA" (Visible and Infrared Survey Telescope for Astronomy) නම් wide-field reflecting දුරේක්ශය උපයෝගී කර ගනිමින්ය.
REFLECTION NEBULA NGC 1999
VISTA (telescope)

