🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 27 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    දැවැන්ත තාරකාවක් නිර්මාණය වෙමින් පවතින ප්‍රදේශයක් ලෙස සැලකෙන ඔරායන් නිහාරිකාව (Orion Nebula) අසල පිහිටා ඇති "NGC 1999" නමින් හදුන්වන "reflection nebula" වර්ගයට අයත් වන නිහාර්කාවක ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තොරාගෙන තිබේ. ඡායාරූපයේ විච්ත්‍රවත් රත් පැහැයෙන් දිස්වන්නා වූ මෙම"NGC 1999" නිහාරිකාව තම දීප්තිය නිපදවා ගන්නේ "V380 Orionis" ලෙස හදුන්වන බහු තාරකා පද්ධතියකින් (multiple star system) නිකුත්වන ආලෝකය ලබාගෙන පරාවර්තනය කර ගැනීම මගිනුයි. ආලෝක වර්ෂ 0.9 පමණ විශාලත්වයකින් යුතු මෙම "NGC 1999" නිහාරිකාවට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 1,500 පමණ අගයක් ගනි. "NGC 1999" නිහාරිකාවට අමතරව ඡායාරූපයේ පහළින් හා දකුණු දෙසට වන්නට "HH1" හා "HH2" ලෙස හදුන්වන යොවුන් තාරකාවන් යුගලත්, ඡායාරූපයේ ඉහළ කෙළවරේ දකුණු පසට වන්නට තද රත් පැහැ ගන්නා ඉරක් ලෙස දිස්වන"HH222" නැතහොත් "Waterfall nebula" නමින් හදුන්වන නිහාරිකාවත් දැකගත හැකියි. මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ චිලී රාජ්‍යයේ පිහිටි Paranal අභ්‍යවකාශ නීරීක්ශන මධ්‍යස්ථානයේ ඇති "VISTA" (Visible and Infrared Survey Telescope for Astronomy) නම් wide-field reflecting දුරේක්ශය උපයෝගී කර ගනිමින්ය.


    NGC-1999.jpg




    REFLECTION NEBULA NGC 1999


    VISTA (telescope)


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    search parak daala balapan space eka exlpore karanna puluwan patta gathi. computer eke specs goda nath nam wedak na habai
    milky way eka ma thiyenawa game eke explore karanna. 1983 wage idan thiyena game ekak
    Thanks සහෝ කිව්වට. මං හොයලා බලන්නම් :) (y)
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආලෝක වර්ශ කියන දේ හරියට පැහැදිලි කරපන්කෝ.. මම හිතන්නේ මම දන්න දේ වැරදියි..
    අවුරුද්දක් කාලයක් ඇතුළත ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් යන්න පුලුවන් දුර. ඒ කියන්නේ ආලෝකයේ වේගය වෙච්ච තත්පරයට සැතපුම් 186,282 (පැයට කිලෝමීටර 299791.819) ක වේගෙන් අවුරුද්දක් තුළ ගමන් කරන්න පුලුවන් මුලු දුර. ඒ කියන්නේ කිලෝමීටර ට්‍රිලියන 9.461 (සැතපුම් ට්‍රිලියන 5.879) දුරකට සමාන දුරක්.
     

    Similar threads