සූර්යයාගේ පවතින විකෘති වූ චුම්බක ක්ෂේත්රයන් නිසා සූර්යයාගේ මතුපිට පවතින අයනීකෘත වායූන් දැවැන්ත චාපයන් වැනි ව්‍යුහයන්ගේ හැඩ ගන්නා දැවැන්ත කිරණයන් තුළ ගැබ්කර ඉහළට මුදා හැරීම සිදුකරයි.එවැනි ආකාරයෙන් අයනීකෘත වායූන්ගෙන් සැදි ආරුක්කුවක් හැඩ ගන්නා ප්ලාස්මා කිර්ණයක් ඉහළට මුදාහරින අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. 1999 වසරේදී, අභ්‍යවකාශයේ රදවා තිබෙන "Solar and Heliospheric Observatory" (SOHO) නමින් හදුන්වන අභ්‍යවකාශ යානයේ ඇති "Extreme ultraviolet Image Telescope" (EIT) දුරේක්ශය භාවිතා කර මෙම මෙම ප්ලාස්මාවන් හිරුගේ චුම්භක ක්ෂේත්රයන්ගේ සීමා කිරීම් වලින් මිදී හිරුගේ සිට කිලෝමීටර ලක්ශ ගණනක් ඉහළට මුදා හැරීම සිදුවන අවස්ථාව ඡායාරූප ගත කර තිබේ. මෙවැනි දැවැන්ත ප්ලාස්මා කිරණයකට සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 147.37 ක් පමණ දුරින් පිහිටි පෘථිවියේ පවතින සන්නිවේදන හා බලශක්ති පද්ධතීන් වෙත අහිතකර බලපෑම් සිදු කිරීමට පවා හැකියාව පවතී.
Sun and stars
Sun's Plasma Eruption
