🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 31 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    "Carina" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Great Carina Nebula" නමින් හදුන්වන දැවැන්ත නිහාරිකාව, අපූර්ව තාරකාවන් හා කුඩා නිහාරිකාවන් රාශියකට වාසස්ථානය සපයන ප්‍රදේශයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් පමණ දුරට වන්නට පිහිටා ඇති මෙම නිහාරිකාව අපගේ ක්ෂීරපථයේ පවතින දීප්තිමත්ම හා විශාලතම නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාවටත් (Orion Nebula) වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුතු හා දීප්තියෙන් ද අධික නිහාරිකාවකි. දැවැන්ත තාරකාවන් බිහිවේමේ ක්‍රියාවලියන් නිරන්තරයෙන් සිදුවන කලාපයක් ලෙස සැලකෙන මෙම නිහාරිකාව මුල්වරට සොයාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ Nicolas-Louis de Lacaille විසිනුයි, ඒ 1752 වසරේදී ඔහුගේ ගවේශන කටයුතු සිදුකළ දකුණු අප්‍රිකාවේ, සුභ පැතුම් තුඩුවෙහි පිහිටි ඔහුට අයත් අභ්‍යවකාශ නිරීක්ශනාගාරයේදීය. මෙම "Carina" නිහාරිකාව තුළ ඇති කුඩා නිහාරිකාවන් අතර "Gabriela Mistral Nebula" නැතහොත් "IC 2599" (ඡායාරූපයේ වම් පස මැදට වන්නට ඇති) නමින් හදුන්වන විමෝචන නිහාරිකාවත් ( emission nebula) එය වටා පිහිටා තිබෙන "NGC 3324" නම් වන විවෘත්ත තරු පොකුරත් ප්‍රධාන වශයෙන් නිරීක්ශනය කළ හැක. මීට අමතරව ඡායාරූපයේ ඉහළ කෙළවරේ මධ්‍යයට වන්නට පිහිටා ඇති "NGC 3293" නමින් හදුන්වන දැවැන්ත තරු පොකුරත්, Wolf-Rayet 23 (WR23) නම් වූ තාරකාවත්, තරමක දීප්තියකින් දිස්වන දුර්වල වොමෝචන නිහාර්කාවක් ලෙස සැලකෙන "Loden 153"( NGC 3293 තරු පොකුරට දකුණු පසට වන්නට) නිහාරිකාව හා කලක දීප්තිමතව තිබූ නමුත් මේ වන විට මියගොස් තවත් වසර මිලියන කීපයකින් සුපර්නෝවා පිපිරීමකට ලක්වෙතැයි අපේක්ශා කරන "Eta Carinae" නම් තාරකාවත් ( ඡායාරූපයේ පහළ දකුණු කෙළවරේ ඇති) මෙම ඡායාරූපය තුළින් නිරීක්ශනය කිරීමට හැකිය.


    CarinaNorth_Colombari_3000.jpg




    නම් කරන ලද ඡායාරූපය

    CarinaNorth_Colombari_960_annotated.jpg




    The Great Carina Nebula

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නිකමට හිතමු ලන්කාවෙත් අබ්‍යවකාශ ප්‍රෝග්‍රම් එකක් තිබ්බ කියල
    මුන් තරු වලට නම් දාවි

    මහා දන්දිනා තරුව
    පලවෙනි රාජපක්ශ තරුව
    නාමලඩ්‍රොමීඩාව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නිකමට හිතමු ලන්කාවෙත් අබ්‍යවකාශ ප්‍රෝග්‍රම් එකක් තිබ්බ කියල
    මුන් තරු වලට නම් දාවි

    මහා දන්දිනා තරුව
    පලවෙනි රාජපක්ශ තරුව
    නාමලඩ්‍රොමීඩාව
    "අපි තමයි හොදටම කළේ" ඇස්ටරොයිඩ් එක. හැබැයි ඒකනම් කොහොමත් ලංකාවට කඩා වැටිලා තියෙන්නේ. 🥴