🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 10 - 'Virgo' තාරකා රාශියෙහි පිහිටා ඇති අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි ත්‍රිත්වය 'Arp 286' 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 90 ක් ඈතින් 'Virgo' තාරකා රාශියෙහි පිහිටා තිබෙන අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි ත්‍රිත්වයක් නිරූපණය කරන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම ඡායාරූපයේ දකුණු පසට වන්නට දිස්වන ඉතා ඈතින් පිහිටි නමුත් දීප්තිමත්ව දිදුලන තාරකාවන් ද්විත්වය අපගේ ක්ෂීරපථය මන්දාකිණියට අයත් වන තාරකාවන් ද්විත්වයක් වන අතර මෙහි එම තාරකාවන් දිස්වන්නේ ඈතින් පිහිටි තවත් මන්දාකිණි ද්විත්වයක් මෙන්ය. මෙහි දිස්වන මන්දාකිණි ත්‍රිත්වය අතරින් ප්‍රමුඛ එනම් විශාලතම මන්දාකිණිය වන්නේ විශාල සර්පිල බාහු (spiral arms) හා විසිතුරු දූවිලි මාවත් වලින් (dust lanes) යුක්ත වූ 'NGC 5566' නම් සර්පිල මන්දාකිණිය (Barred Spiral Galaxy) වන අතර එය විෂ්කම්භය අතින් ආලෝක වර්ෂ 150 000 ක පමණ අගයක් ගනී.

    'NGC 5566' සර්පිල මන්දාකිණියට ඉහළීන් නිල්පැහැයට හුරු වර්ණයකින් දිස්වන කුඩා ප්‍රමාණයේ මන්දාකිණිය 'NGC 5569' අතරමැදි සර්පිලාකාර මන්දාකිණිය (Intermediate Spiral Galaxy) වන අතර ඡායාරූපයෙහි මධ්‍යයයට වන්නට දිස්වන තෙවැනි මන්දාකිණිය වන්නේ 'NGC 5560' නමින් හදුන්වන සර්පිල මන්දාකිණියයි. මෙම 'NGC 5560' මන්දාකිණියේ වූ ඇදී ගිය, විකෘති වූ ස්වරූපයට වඩා විශාල 'NGC 5566' මන්දාකිණිය සමග පවතින අන්තර්ක්‍රියාකාරීතවය හේතුවී තිබේ. 1966 වර්ෂයේදී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයකු වූ 'Halton Arp' මහතා විසින් ඉදිරිපත් කරන ලද "Atlas of Peculiar Galaxies" යන වර්ගීකරණයට ද මෙම මන්දාකිණි ත්‍රිත්වය ඇතුළත් වුණු අතර එහි මෙම මන්දාකිණි ත්‍රිත්වය 'Arp 286' ලෙස හදුනවා දී තිබුණි. වර්ථමාන තාරකා විද්‍යාඥයන්ට අනුව මේ ආකාරයේ මන්දාකිණි අතර සිදුවන අන්තර්ක්‍රියාරීතවයන් එම මන්දාකිණිවල සිදුවන පරිණාමීය ක්‍රියාවලියේම එක් කොටසක් ලෙස සලකනු ලබයි.


    Image Credit & Copyright: Nicolas Rolland, Telescope.Live

    Arp286-202203-CDK24-FLIPL9000-LRGB_NicolasROLLAND_signature_LD.jpg





    Arp 286 (VIRGO TRIO)

     

    Similar threads