🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 17 - චිලී රාජ්‍යයට දිස්වූ අපූරු ග්‍රහලෝක පෙළ (Planetary Conjunction in June) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    nvexcIu.jpg


    පසුගිය ජූනි 15 වන දින සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහයා වන බුධ (Mercury) ග්‍රහයා, සූර්යයා උදාවීමට පෙර පැවති හිමිදිරි කාලයෙහි පෘථිවි ආකාසයේ දිස්වූයේ සූර්යයාට ඉතා ඈතින් වන්නට පිහිටා තිබෙන ආකාරයෙනි. මෙම ඡායාරූපයෙහි බුධ ග්‍රහයා හිරු උදාවට පෙර නැගෙනහිර ක්ෂිතිජයට වන්නට දර්ශනය වූයේ ඇන්ඩීස් (Andes) කදුකර මුදුනට ආසන්නව වන අතර එය කමරා කාචයට හසුකර ගෙන ඇත්තේ චිලී රාජ්‍යයේ පිහිටි 'Rio Hurtado' නම් තැනිතලා භූමියේ (valley of Rio Hurtado) සිටයි.ජූනි මාසයේ මේ ආකාරයට පෘථිවි ආකාසයේ රේඛීයව දිස්වන අනෙක් ග්‍රහයින් (Planetary Conjunction) වන සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ද මෙම ඡායාරූපයට හසුකර ගෙන ඇති පුළුල් ක්ෂේත්‍ර දර්ශනය තුළින් නිරූපණය වන අයුරු නිරීක්ශනය කළ හැක.

    මෙම ග්‍රහයින් පෙළ, පෘථිවියේ දක්ෂිණ අර්ධගෝලයෙහි (southern hemisphere) සිට නිරීක්ශනය කරන්නන්ට දිස්වීම සිදුවන්නේ මෙම ග්‍රහයින් ආකාසයේ උතුරු දෙසට වන්නට (උතුරු දෙසට නැඹුරුවන කෝණයකින්) වන අතර උතුරු අර්ධගෝලයෙහි (Northern hemisphere) සිට නිරීක්ශනය කරන්නන්ට මෙම ග්‍රහයින් පෙළ දිස්වනුයේ ආකාසයේ දකුණු දෙසට (දකුණු දෙසට නැඹුරුවන කෝණයකින්) වන්නටත්ය. ජූනි මාසයෙහි හිමිදිරි කාලයේ උතුරු හා දක්ෂිණ අර්ධගෝලයෙහි සිට පියවි ඇසින් නිරීක්ශනය කිරීමට ලැබෙන මෙම අපූරු දර්ශනය තුළින් මෙම ග්‍රහයින් ඒවාට සූර්යයාට පවතින දුර අනුව පිහිටා තිබෙන ආකාරය ද මනාව පෙන්නුම් කරයි.


    Image Credit & Copyright: Elke Schulz (Daniel Verschatse Observatory)

    PlanetsfromChile_E-Schulz.jpg




    නම් කරන ලද ඡායාරූපය

    PlanetsfromChile__labelled_E-Schulz.jpg




    Rare 5-planet alignment comes into better view this week. Here's what to expect.

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මර්කරි ගේ සුර්යා වටා ගමන් කරන ඉලිප්සය කිසිම කෙනෙක්ට ප්රෙදික්ට් කරන්න බැරි උනා. එක කලේ අයින්ස්ටයින්. මිනිහාගේ මෑත හරි නම් අදික ගුරුත්වයක තියන මර්කරි ගේ ඉලිප්සය එකෙන් හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ කියල අර අයින්ස්ටයින් ට ගණන් හදලා දුන්න පොර (Marcel Grossmann) කියල තියනවා. දාල බැලුවම හරියටම හරි. එක දෙවෙනි අවස්තාව සාපේක්ෂතා වාදය ඔප්පු උන .

    මේක බලන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    මර්කරි ගේ සුර්යා වටා ගමන් කරන ඉලිප්සය කිසිම කෙනෙක්ට ප්රෙදික්ට් කරන්න බැරි උනා. එක කලේ අයින්ස්ටයින්. මිනිහාගේ මෑත හරි නම් අදික ගුරුත්වයක තියන මර්කරි ගේ ඉලිප්සය එකෙන් හරියට කියන්න පුළුවන් වෙන්න ඕනේ කියල අර අයින්ස්ටයින් ට ගණන් හදලා දුන්න පොර (Marcel Grossmann) කියල තියනවා. දාල බැලුවම හරියටම හරි. එක දෙවෙනි අවස්තාව සාපේක්ෂතා වාදය ඔප්පු උන .

    මේක බලන්න

    TFS, සහෝ :) (y)
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    හොඳ වෙලාවට ග්‍රහලෝක තියෙන තැන මාර්ක් කරල තිබ්බෙ නැත්නම් ග්‍රහලෝක හොයන්න දුරේක්ෂයක් නෙවෙයි අන්වීක්ෂයක් ඕන වෙනවා
     

    Similar threads