"Noctilucent clouds" යනු පෘථිවියේ ඉහළ වායුගෝලයට වන්නට නිර්මාණය වන සිහින් ආකාරයේ හැඩයක් ගන්නා වළාකුළු විශේෂයකි. "Night shining clouds" ලෙසද හදුන්වන මෙම වළාකුළු විශේෂය අභ්‍යවකාශයේ සිට නිරීක්ශනය කරන විට "mesospheric clouds" ලෙස හදුන්වනු ලබයි. සෑම වසරකම මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වන කාල සීමාව, උත්තර අර්ධ ගෝලයේ වූ රටවලට මෙම "Noctilucent clouds" දිස්වන කාලසීමාව (northern noctilucent cloud season) ලෙස හදුන්වන අතර ගිම්හාන කාලය අගභාගයේ දිනවල හිරු බැසයන මොහොතේදී දිස්වන මෙම වළාකුළු, පොළව මත පතිත වන සූර්යාලෝකයේ සිදුවන පරාවර්ථනය මගින් ආලෝකමත් කිරීම සිදු කරනු ලබයි.
විශේෂ තත්වයන් යටතේ පෘථිවියේ ඉහළ වායුගෝලයේදී නිර්මාණය වන අයිස් ස්ඵටිකයන්ගෙන් සමන්විත වන මෙම වළාකුළු විශේෂය පෘථිවියට ඉහළින්ම පවතින වළාකුළු විශේෂය වන අතර පොළව මට්ටමේදී නිරීක්ශනය කරන විට "polar mesospheric clouds" යනුවෙන් ද හදුන්වනු ලබයි. මේ අතර නාසා ආයතනය අයත් "AIM (The Aeronomy of Ice in the Mesosphere) satellite" නම් චන්ද්‍රිකාව මගින් 2007 වර්ෂයේ සිට මෙම "Noctilucent clouds" පිළිබදව අධ්‍යයන කටයුතු වල නිරත වී තිබුණ ද තවමත් මෙම වළාකුළු පිළිබදව හෙලි කර නොගත් කරුණු බොහෝමයක් පැවතීම හේතුවෙන් මෙය වර්ථමානයේදී ද සක්‍රීයව පවතින පර්යේෂණ මාතෘකාවක් බවට පත්ව තිබේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන මෙම රැලි ගැසුණු ආකාරයෙන් දිස්වන "Noctilucent clouds" දැක්වෙන ඡායාරූපය ප්‍රංශයේ, පැරිස් නගරයේදී කැමරා කාචයට හසුකර ගෙන ඇති අතර මෙම වසරේ මේ දක්වා කාලය තුලදී උත්තර අර්ධ ගෝලයේ පිහිටා තිබෙන ප්‍රදේශයන් කීපයකින්ම මේ ආකාරයේ "Noctilucent clouds" දිස්වූ අවස්ථාවන් පිළිබදව වාර්ථා කොට තිබේ.
Credit & Copyright: Bertrand Kulik
Noctilucent clouds
AIM (Aeronomy of Ice in the Mesosphere) - Satellite