පහතින් දැක්වෙන්නේ විශ්වයෙහි මේතාක් ලබාගත් ගැඹුරුතම හා තියුණුම අධෝරක්ත කිරණ ඡායාරූපයයි. විශ්වයේ මූලාරම්භක අවධිය නිරූපණය වන මෙම අපූරු ඡායාරූපයෙන් "Volans" නම් දකුණු තාරකා රාශියට (southern constellation) අයත් කලාපයක් පෙන්නුම් කරන අතර මෙම අපූරු ඡායාරූපය ලබා ගැනීම සිදුකරන ලද්දේ 2021 වසරේ දෙසැම්බර් මස 25 වන දින නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ විශාලතම ප්‍රකාශ දුරේක්ෂය (optical telescope) වන "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයේ (James Webb Space Telescope) වූ "NIRCam" නම් විශේෂ කැමරා උපාංගය මගිනි.පැය 12.5 ක නිරාවරණ (exposure) කාලයකට "NIRCam" කැමරාව ලක් කරමින් ලබාගත් මෙම ඡායාරූපය තුළින් දිස්වන උල් ආකාරයේ (spikes) ස්වභාවයක් ගනිමින් ආලෝකය විහිදුවන තාරකාවන් 6 අපගේ ක්ෂීරපථය මන්දාකිණිය තුළම පිහිටා ඇති තාරකාවන් වේ.
ආකාශ වස්තූන් මේ ආකාරයේ විවර්ථන රටාවන්ගෙන් (diffraction pattern) දර්ශනය වීම "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක් වන අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ ෂඩාස්රාකාර දර්පණ කොටස් 18, මීටර 6.5 ක විෂ්කම්භයකින් යුක්ත වන දුරේක්ෂයේ වූ ප්‍රධාන දර්පණය සමග සමගාමීව ක්‍රියාකිරීම මේ සදහා හේතුවී තිබේ. මෙම ඡායාරූපයෙහි දිස්වන දහස් ගණනක් වූ මන්දාකිණියන්, 'SMACS0723-73' නම් වූ මන්දාකිණි පොකුරට (Distant Galaxy cluster) අයත් මන්දාකිණියන් වන අතර මෙම මන්දාකිණි පොකුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4.6 ක දුරකින් පිහිටා තිබේ. මෙහි වූ ගැඹුරු ක්ෂේත්රයක් පුරා විහිදී ඇති ආකාරයෙන් දිස්වන දීප්තිමත් චාපයන් වැනි ව්‍යුහයන් ඉන් ඔබ්බට වන්නට වූ, ඉතා දුරින් පිහිටා තිබෙන මන්දාකිණියන් වන අතර එම මන්දාකිණිවල රූපයන් මේ ආකාරයෙන් විකෘති හා විශාලනය වූ චාපයන් ආකාරයෙන් දර්ශනය වීමට "SMACS0723-73" මන්දාකිණි පොකුරෙහි වූ අඳුරු පදාර්ථය මගින් ආධිපත්‍යය දරණ ස්කන්ධය මගින් සිදුකරන බලපෑම, එනම් ගුරුත්ව කාච ආචරණ (gravitational lensing) ක්‍රියාවලිය හේතුවී තිබේ.
මෙහි දිස්වන උල් හැඩයක් ගත් ස්වභාවයෙන් ආලෝකය විහිදුවන ආකාරයක් දිස්වන දීප්තිමත් තාරකාවට පහළින් වූ ආලෝක චාපයන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ 'NIRISS' නම් අධෝරක්ත රූපක වර්ණාවලීක්ෂ උපකරණය (near-infrared imager and a spectrograph) මගින් වෙන වෙනම අධ්‍යයනය කිරීමේදී, මෙම ආලෝක චාපයන් ද්විත්වයම එකම මන්දාකිණියකට අයත් ඒවා බව සොයාගෙන ඇති අතර එම මන්දාකිණියෙහි වූ ආලෝකය, "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය කරා ළගාවීමට වසර බිලියන 9.5 ක් ගත වී තිබෙන බවට ගණනය කොට ඇත.
Image Credit: NASA, ESA, CSA, STScI, NIRCam
"James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ලබාගත් අනෙකුත් ඡායාරූපයන්
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් ඈතින්, 'Carina' තාරකා රාශියෙහි පිහිටා තිබෙන අරය ආලෝක වර්ෂ 230 ක් වූ 'Carina' නිහාරිකාව (The Carina Nebula / Eta Carinae Nebula)
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1150 ක් ඈතින් පිහිටා තිබෙන තාරකාවක් වටා භ්‍රමණය වන "WASP 96-b" නම් ග්‍රහලොවේ වායුගෝලයේ වූ වළාකුළු
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ක් ඈතින්, "Vela' තාරකා රාශියෙහි පිහිටා තිබෙන ග්‍රහමය නිහාරිකාව (planetary nebula) "Southern Ring Nebula" (NGC 3132)
පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290 ක් ඈතින්, 'Pegasus' තාරකා රාශියෙහි පිහිටා තිබෙන "Stephan's Quintet" නමින් හදුන්වන මන්දාකිණි 5 කින් සමන්විත වන සංයුක්ත මන්දාකිණි සමූහය (compact galaxy group)
James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි
James Webb Space Telescope
Last edited:


. False colors images, colour filters පාවිච්චි කරලා තමයි කලර් කරලා තියෙන්නෙ.