🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 13 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු විශ්වයේ අසිරිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg

    පහතින් දැක්වෙන්නේ විශ්වයෙහි මේතාක් ලබාගත් ගැඹුරුතම හා තියුණුම අධෝරක්ත කිරණ ඡායාරූපයයි. විශ්වයේ මූලාරම්භක අවධිය නිරූපණය වන මෙම අපූරු ඡායාරූපයෙන් "Volans" නම් දකුණු තාරකා රාශියට (southern constellation) අයත් කලාපයක් පෙන්නුම් කරන අතර මෙම අපූරු ඡායාරූපය ලබා ගැනීම සිදුකරන ලද්දේ 2021 වසරේ දෙසැම්බර් මස 25 වන දින නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ විශාලතම ප්‍රකාශ දුරේක්ෂය (optical telescope) වන "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයේ (James Webb Space Telescope) වූ "NIRCam" නම් විශේෂ කැමරා උපාංගය මගිනි.පැය 12.5 ක නිරාවරණ (exposure) කාලයකට "NIRCam" කැමරාව ලක් කරමින් ලබාගත් මෙම ඡායාරූපය තුළින් දිස්වන උල් ආකාරයේ (spikes) ස්වභාවයක් ගනිමින් ආලෝකය විහිදුවන තාරකාවන් 6 අපගේ ක්ෂීරපථය මන්දාකිණිය තුළම පිහිටා ඇති තාරකාවන් වේ.

    ආකාශ වස්තූන් මේ ආකාරයේ විවර්ථන රටාවන්ගෙන් (diffraction pattern) දර්ශනය වීම "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක් වන අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ ෂඩාස්‍රාකාර දර්පණ කොටස් 18, මීටර 6.5 ක විෂ්කම්භයකින් යුක්ත වන දුරේක්ෂයේ වූ ප්‍රධාන දර්පණය සමග සමගාමීව ක්‍රියාකිරීම මේ සදහා හේතුවී තිබේ. මෙම ඡායාරූපයෙහි දිස්වන දහස් ගණනක් වූ මන්දාකිණියන්, 'SMACS0723-73' නම් වූ මන්දාකිණි පොකුරට (Distant Galaxy cluster) අයත් මන්දාකිණියන් වන අතර මෙම මන්දාකිණි පොකුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4.6 ක දුරකින් පිහිටා තිබේ. මෙහි වූ ගැඹුරු ක්ෂේත්‍රයක් පුරා විහිදී ඇති ආකාරයෙන් දිස්වන දීප්තිමත් චාපයන් වැනි ව්‍යුහයන් ඉන් ඔබ්බට වන්නට වූ, ඉතා දුරින් පිහිටා තිබෙන මන්දාකිණියන් වන අතර එම මන්දාකිණිවල රූපයන් මේ ආකාරයෙන් විකෘති හා විශාලනය වූ චාපයන් ආකාරයෙන් දර්ශනය වීමට "SMACS0723-73" මන්දාකිණි පොකුරෙහි වූ අඳුරු පදාර්ථය මගින් ආධිපත්‍යය දරණ ස්කන්ධය මගින් සිදුකරන බලපෑම, එනම් ගුරුත්ව කාච ආචරණ (gravitational lensing) ක්‍රියාවලිය හේතුවී තිබේ.

    මෙහි දිස්වන උල් හැඩයක් ගත් ස්වභාවයෙන් ආලෝකය විහිදුවන ආකාරයක් දිස්වන දීප්තිමත් තාරකාවට පහළින් වූ ආලෝක චාපයන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ 'NIRISS' නම් අධෝරක්ත රූපක වර්ණාවලීක්ෂ උපකරණය (near-infrared imager and a spectrograph) මගින් වෙන වෙනම අධ්‍යයනය කිරීමේදී, මෙම ආලෝක චාපයන් ද්විත්වයම එකම මන්දාකිණියකට අයත් ඒවා බව සොයාගෙන ඇති අතර එම මන්දාකිණියෙහි වූ ආලෝකය, "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය කරා ළගාවීමට වසර බිලියන 9.5 ක් ගත වී තිබෙන බවට ගණනය කොට ඇත.

    Image Credit: NASA, ESA, CSA, STScI, NIRCam

    STScI-SMACS0723_webb.png

    "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ලබාගත් අනෙකුත් ඡායාරූපයන්

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් ඈතින්, 'Carina' තාරකා රාශියෙහි පිහිටා තිබෙන අරය ආලෝක වර්ෂ 230 ක් වූ 'Carina' නිහාරිකාව (The Carina Nebula / Eta Carinae Nebula)

    main_image_star-forming_region_carina_nircam_final-5mb.jpg

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1150 ක් ඈතින් පිහිටා තිබෙන තාරකාවක් වටා භ්‍රමණය වන "WASP 96-b" නම් ග්‍රහලොවේ වායුගෝලයේ වූ වළාකුළු

    FXeUwrwWYAIXfXL

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ක් ඈතින්, "Vela' තාරකා රාශියෙහි පිහිටා තිබෙන ග්‍රහමය නිහාරිකාව (planetary nebula) "Southern Ring Nebula" (NGC 3132)

    main_image_stellar_death_s_ring_miri_nircam_sidebyside-5mb.jpg

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290 ක් ඈතින්, 'Pegasus' තාරකා රාශියෙහි පිහිටා තිබෙන "Stephan's Quintet" නමින් හදුන්වන මන්දාකිණි 5 කින් සමන්විත වන සංයුක්ත මන්දාකිණි සමූහය (compact galaxy group)

    20220712stephansquintet.jpg

    James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌

    🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭🛰️🚀

    James Webb Space Telescope

    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    BUMP..

    මාර ෆොටෝ ටිකක් බං.. අමුතුම හැඟීමක් එනවා නිකං මනෝ පාරක් ගහගෙන ඉන්නව වගේ... පට්ට..
    James Webb නිසා ඔයාට වැඩ වැඩිවෙයි.. අළුත් updates එනවනේ... Keep up the good work bro 💕
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    It's a great achievement by NASA in many decades. These stunning images show the tremendous increased resolution over the Hubble. It took decades for this project and once it came to a point where it got nearly cancelled, somewhere in 2011 due to US Govt stupidity.
    The JWST opens a whole new era of space observations for the humankind.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මේකේ වමේ තියෙන්නේ තාරකාවක් මැරිලා පුපුරලා ගිහින් හැදෙන නිහාරිකාවක්. හරිම දුර්ලබ දර්ශනයක්. මේක හරියටම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ JWST Fine Guidance Sensor එක නිසා. මේකේ වැදගත් දේ තමා මේකේ මේ කලර්ස් ඔයාලට ඔර්දිනරි ටෙලස්කෝප් එකකින් බලන්න බැ . ඒ මොකද දුර වැඩි නිසා සහ අපේ උනිවෙර්ස් එක එක්ස්පෑන්ඩ් වෙන නිසා ලයිට් වෙව් ඉන්ඵරෙඩ් වෙව් පැත්තට බර වෙනවා. JWST එකේ NIRCAM එකෙන් කරන්නේ මේ red shift උන වෙව් එක අරගෙන ඒ හැම පික්සෙල් එකක්ම ඕල්ටර් කරලා එකේ එන කලර්ස් වල කලින් තිබ්බ කලර් එකෙන් තමා සෙන්සර් එකේ ඩේටා එලියට දෙන්නේ. ඒ නිසා තියරිටිකලි බැලුවොත් මේ තරුව පිපිරුණා වෙලේ තිබ්බ හරිම කලර්ස් තමා මේ තියෙන්නේ.

    කොහොමද වැඩ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    nvexcIu.jpg

    පහතින් දැක්වෙන්නේ විශ්වයෙහි මේතාක් ලබාගත් ගැඹුරුතම හා තියුණුම අධෝරක්ත කිරණ ඡායාරූපයයි. විශ්වයේ මූලාරම්භක අවධිය නිරූපණය වන මෙම අපූරු ඡායාරූපයෙන් "Volans" නම් දකුණු තාරකා රාශියට (southern constellation) අයත් කලාපයක් පෙන්නුම් කරන අතර මෙම අපූරු ඡායාරූපය ලබා ගැනීම සිදුකරන ලද්දේ 2021 වසරේ දෙසැම්බර් මස 25 වන දින නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ විශාලතම ප්‍රකාශ දුරේක්ෂය (optical telescope) වන "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයේ (James Webb Space Telescope) වූ "NIRCam" නම් විශේෂ කැමරා උපාංගය මගිනි.පැය 12.5 ක නිරාවරණ (exposure) කාලයකට "NIRCam" කැමරාව ලක් කරමින් ලබාගත් මෙම ඡායාරූපය තුළින් දිස්වන උල් ආකාරයේ (spikes) ස්වභාවයක් ගනිමින් ආලෝකය විහිදුවන තාරකාවන් 6 අපගේ ක්ෂීරපථය මන්දාකිණිය තුළම පිහිටා ඇති තාරකාවන් වේ.

    ආකාශ වස්තූන් මේ ආකාරයේ විවර්ථන රටාවන්ගෙන් (diffraction pattern) දර්ශනය වීම "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක් වන අතර "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ ෂඩාස්‍රාකාර දර්පණ කොටස් 18, මීටර 6.5 ක විෂ්කම්භයකින් යුක්ත වන දුරේක්ෂයේ වූ ප්‍රධාන දර්පණය සමග සමගාමීව ක්‍රියාකිරීම මේ සදහා හේතුවී තිබේ. මෙම ඡායාරූපයෙහි දිස්වන දහස් ගණනක් වූ මන්දාකිණියන්, 'SMACS0723-73' නම් වූ මන්දාකිණි පොකුරට (Distant Galaxy cluster) අයත් මන්දාකිණියන් වන අතර මෙම මන්දාකිණි පොකුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4.6 ක දුරකින් පිහිටා තිබේ. මෙහි වූ ගැඹුරු ක්ෂේත්‍රයක් පුරා විහිදී ඇති ආකාරයෙන් දිස්වන දීප්තිමත් චාපයන් වැනි ව්‍යුහයන් ඉන් ඔබ්බට වන්නට වූ, ඉතා දුරින් පිහිටා තිබෙන මන්දාකිණියන් වන අතර එම මන්දාකිණිවල රූපයන් මේ ආකාරයෙන් විකෘති හා විශාලනය වූ චාපයන් ආකාරයෙන් දර්ශනය වීමට "SMACS0723-73" මන්දාකිණි පොකුරෙහි වූ අඳුරු පදාර්ථය මගින් ආධිපත්‍යය දරණ ස්කන්ධය මගින් සිදුකරන බලපෑම, එනම් ගුරුත්ව කාච ආචරණ (gravitational lensing) ක්‍රියාවලිය හේතුවී තිබේ.

    මෙහි දිස්වන උල් හැඩයක් ගත් ස්වභාවයෙන් ආලෝකය විහිදුවන ආකාරයක් දිස්වන දීප්තිමත් තාරකාවට පහළින් වූ ආලෝක චාපයන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ශයෙහි වූ 'NIRISS' නම් අධෝරක්ත රූපක වර්ණාවලීක්ෂ උපකරණය (near-infrared imager and a spectrograph) මගින් වෙන වෙනම අධ්‍යයනය කිරීමේදී, මෙම ආලෝක චාපයන් ද්විත්වයම එකම මන්දාකිණියකට අයත් ඒවා බව සොයාගෙන ඇති අතර එම මන්දාකිණියෙහි වූ ආලෝකය, "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය කරා ළගාවීමට වසර බිලියන 9.5 ක් ගත වී තිබෙන බවට ගණනය කොට ඇත.

    Image Credit: NASA, ESA, CSA, STScI, NIRCam

    STScI-SMACS0723_webb.png

    "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ලබාගත් අනෙකුත් ඡායාරූපයන්

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8500 ක් ඈතින්, 'Carina' තාරකා රාශියෙහි පිහිටා තිබෙන අරය ආලෝක වර්ෂ 230 ක් වූ 'Carina' නිහාරිකාව (The Carina Nebula / Eta Carinae Nebula)

    main_image_star-forming_region_carina_nircam_final-5mb.jpg

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1150 ක් ඈතින් පිහිටා තිබෙන තාරකාවක් වටා භ්‍රමණය වන "WASP 96-b" නම් ග්‍රහලොවේ වායුගෝලයේ වූ වළාකුළු

    FXeUwrwWYAIXfXL

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ක් ඈතින්, "Vela' තාරකා රාශියෙහි පිහිටා තිබෙන ග්‍රහමය නිහාරිකාව (planetary nebula) "Southern Ring Nebula" (NGC 3132)

    main_image_stellar_death_s_ring_miri_nircam_sidebyside-5mb.jpg

    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290 ක් ඈතින්, 'Pegasus' තාරකා රාශියෙහි පිහිටා තිබෙන "Stephan's Quintet" නමින් හදුන්වන මන්දාකිණි 5 කින් සමන්විත වන සංයුක්ත මන්දාකිණි සමූහය (compact galaxy group)

    20220712stephansquintet.jpg

    James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌

    🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭🛰️🚀

    James Webb Space Telescope

    මේකේ තියෙන්නේ IR Cam නේද ? මේ පින්තූර වල වර්ණ regenerated (false colour image)ද ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේකේ තියෙන්නේ IR Cam නේද ? මේ පින්තූර වල වර්ණ regenerated (false colour image)ද ?
    NIRCam (Near-Infrared Camera) :yes:. False colors images, colour filters පාවිච්චි කරලා තමයි කලර් කරලා තියෙන්නෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    මේකේ තියෙන්නේ IR Cam නේද ? මේ පින්තූර වල වර්ණ regenerated (false colour image)ද ?

    Yes... NIRCam (Near Infrared Camera)- It's Webb's primary imager that will cover the infrared wavelength range 0.6 to 5 microns.
    As a pervious member noted the colour is adjusted. It uses the Lyman Dropout Technique for high red-shifted galaxies. It's hard to explain. A Lyman Break is at wavelengths shorter than 912 Å. (Wavelengths shorter than this is completely absorbed by neutral gas around star-forming regions of galaxies.)
    Simulations with a Jaguar database (JAdes extraGalactic Ultradeep Artificial Realizations) has been used to get the best Colour match.

    JWST_Cam.jpg
     
    Similar threads