දකුණු අප්‍රිකාවේ, Northern Cape හි පිහිටා ඇති "MeerKAT" (Karoo Array Telescope) නම් රේඩියෝ දුරේක්ශ ඇන්ටෙනා 64 උපයෝගී කරගෙන ගනු ලැබූ, අපගේ ක්ෂීරපථයේ ( Milkyway) මධ්‍යයයේ ස්වභාවය හා එහි සිදුවන විවිධ සංසිද්ධීන් නිරූපණය වන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරා ගෙන තිබේ. මෙලෙස අපගේ ක්ෂීරපථයේ ඡායාරූපයන් හා දත්ත ලබාගැනීමට ප්‍රකාශ දුරේක්ශ (optical telescopes) වෙනුවට රේඩියෝ දුරේක්ශ (radio telescope) භාවිතා කරනුයේ විශ්වයේ පවතින දැවැන්ත ධූලි වළාවන් ( interstellar dust) හේතුවෙන් එවැනි ඡායාරූප ග්‍රහණයට ප්‍රකාශ දුරේක්ශයන්ට අවශ්‍ය වන දෘෂ්‍ය ආලෝකයේ (visible light) ගමන් මාර්ගයට බාධා එල්ලවීම හේතුවෙන් එම දුරේක්ශ යොදාගැනීමට අපහසුවීම හේතු කොටගෙනය.. මෙම ඡායාරූපයේ දැක්වෙන "Sgr A"(Sagittarius A*) නම් ප්‍රදේශය ක්ෂීරපථයේ මධ්‍යයට වන්නට පවතින දැවැන්ත කලු කුහරයක් (supermassive black hole) බවට තාරකා විද්‍යාඥයන්ගේ මතය වී ඇති අතර එය "Sagittarius හා Scorpius"යන තාරකා රාශීන් පිහිටා ඇති කලාපයෙහි සීමාවන් ආසන්නයට වන්නට පිහිටා තිබේ. මෙම ඡායාරූපයේ ආරුක්කුවක් ලෙස දිස්වන ව්‍යුහය කුමක් දැයි කීමට විද්‍යාඥයන් මෙතෙක් සමත් වී නැති අතර එය "Sagittarius A" කලු කුහරයට ආසන්නයෙන් පිහිටා ඇත.
Sagittarius A* කලු කුහරයට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 25,640 කි.
නම් කරන ලද ඡායාරූපය
Sagittarius A (Black Hole)
MeerKAT (Karoo Array Telescope)
Last edited:




)