චන්ද්‍ර ගවේශන මෙහෙයුම් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් දියත් කළ ඇපලෝ (Apollo) මෙහෙයුමෙහි අවසානය සනිටුහන් කරමින් 1972 වසරේදී අභ්‍යවකාශ ගත කළ ඇපලෝ 17 යානය විසින් ලබා ගත් සුප්‍රසිද්ධ "පෘථිවි ඡායාරූපය" අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "The Blue Marble" යන අනුවර්ථ නාමයෙන් හදුන්වන මෙම ඡායාරූපය මගින් අප්‍රිකා මහද්වීපයත්, පෘථීවියේ මධ්‍යධරණී මුහුද පිහිටි කලාපයේ සිට දක්ෂිනධ්රැවයේ ඇන්ටාක්ටිකා මහද්වීපය වසා ගිය අයිස් තට්ටුව පිහිටි කලාපය දක්වා ප්‍රදේශය පැහැදිලිව දැකගත හැක.
Apollo 17
ඇපලෝ 17 යානයේ ගමන් ගත් අභ්‍යවකාශගාමීන් තිදෙනා
යානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Commander) වන Eugene A. Cernan (වාඩිවී සිටින), විධාන මොඩියුලය පැදවීම බාර නිලධාරියා (Command Module) වන Ronald E. Evans (දකුණු දෙසින් සිටගෙන සිටින) හා චන්ද්‍ර මොඩියුලය පැදවීම බාර නිලධාරියා (Lunar Module pilot) වන Harrison H. Schmitt (වම් පසින් සිටගෙන සිටින)
Last edited: