🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 17 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    මේ ඡායාරූපයෙන් දිස්වන අදුරු පැහැති ප්‍රදේශයන්ගෙන් හා දීප්තිමත්ව දිස්වන නිහාරිකාවෙන් (nebula) පෙන්නුම් කරන්නේ නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලිය සක්‍රියව සිදුවන කලාපයකි. මෙම කලාපය පිහිටා තිබෙන්නේ අපගේ ක්ෂීරපථයේ සර්පිල කොටසේ ඇති "Orion Arm" හි පිහිටා ඇති "local bubble" නමින් හදුන්වන කලාපයේ සීමාවත්, Chamaeleon නමින් හදුන්වන අණුක වළාකුළු සංකීර්ණයටත් (molecular cloud complex) ආසන්නවය. ඒ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 650 ක් පමණ දුරිනි. මෙම ඡායාරූපය මගින් මෙහි නිර්මාණය වෙමින් පවතින නව තාරකාවන් පිහිටා ඇති කලාප පෙන්නුම් කරන අතර, ප්‍රධාන වශයෙන්, "C" හැඩැති කලාපයක් වන "Ced 110" (ඡායාරූපයේ මධ්‍යයයේ සිට මදක් වම්පසට වන්නට පිහිටි), ඊට මදක් පහළින් පිහිටි නිල්පැහැති කලාපය වන "Ced 111" හා අලුතින් නිර්මාණය වූ අඩු ස්කන්ධයකින් යුත් තාරකාවකින් සිදුවන ද්‍රව්‍ය ප්‍රවාහය වීමේ ක්‍රියාවලිය හේතුවෙන් ආවරණය වී පවතින "V" හැඩැති "Chamaeleon" අධෝරක්ත නිහාරිකාවත් ( Chamaeleon Infrared Nebula - Cha IRN) දැකගත හැක.


    Chamaeleon_RobertEder.jpg



    Local Bubble


    Chamaeleon Infrared Nebula