🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 25 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන්නේ අගහරු ගවේශනය වෙනුවෙන් දියත් කළ "Mars 2020" මෙහෙයුම යටතේ යැවුනු "Perseverance" රෝවරය, එහි ඇති "Navcam" නම් සුවිශේෂ කැමරාව යොදාගෙන අගහරු ග්‍රහයා මත ගනු ලැබූ ඡායාරූපයකි. අගහරු මත ඇති "Jezero" ආවාටය ආශ්‍රිත ප්‍රදේශය මෙම "Navcam mosaic" ඡායාරූපය මගින් පෙන්නුම් කරන අතර මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ රෝවරය අගහරු මත ගොඩබැස අගහරු දින 354 කට පසුව (අගහරු දිනයක් පෘථිවි පැය 24 යි මිනිත්තු 39 යි තත්පර 35.244 කට සමාන වන අතර එය පෘථිවි දිනයකට වඩා 3% කට වැඩි කාලයකි) එනම් පෘථිවි දින දර්ශනයට අනුව 2022 පෙබරවාරි 17 වන දිනයේ වේ. එනම් හරියටම අවුරුද්දක කාලයකට අනතුරුවය. මෙම "Perseverance" රෝවරය දිගින් අඩි 10 ක් පමණ වන අතර කිලෝග්‍රෑම් 1,025 (රාත්තල් 2,260) පමණ බරකින් ද යුක්ත වේ. මෙම රෝවරය අගහරු මත ගවේශන කටයුතු සිදුකළ පළමු වර්ෂය තුළ අගහරුගේ පාෂාණ මූලික සාම්පල 6 ක් පරීක්ශාවට ලක්කර ඒවායේ දත්ත පෘ ථිවියට එවා ඇති අතර රෝවරයේ සවිකර ඇති විශේෂ උපාංගයක් උපයෝගී කරගෙන අගහරු මත ඔක්සිජන් නිපදවිය හැකි ආකාරය පරීක්ශා කිරීම සදහා සිදුකළ "MOXIE" (Mars Oxygen In-Situ Resource Utilization Experiment) නම් විශේෂ අත් හදා බැලීමේ පරීක්ශනක කටයුතු ද සිදුකර ඇත.

    Mars 2020 මෙහෙයුම​

    "Perseverance" රෝවරය රැගත් අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ ගත කළ දිනය: 2020 ජූලි 30
    "Perseverance" රෝවරය අගහරු මත ගොඩබෑ දිනය: 2021 පෙබරවාරි 18


    PerseveranceSol354Nav1_1br2_KenKremer.jpg




    Mars 2020







     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බම්පි

    අර පාත්පයින්ඩරේට මොකද උනෙ බන්
    එකත් අගහරු වලට ගියා නේද
    පාත්ෆයින්ඩර් වල ඉදලා අන්තිම data transmission එක ආවේ 1997 සැප්තැම්බර් 27. ඊටපස්සේ ආයේ මාස 5 ක් තිස්සේ scientists ලා ට්‍රයි කරලා ආයෙ full communication එක ගොඩනගාගන්න රෝවර් එකත් එක්ක communications lost වුණ නිසා. ඒ වුණත් වැඩේ හරිගිහිල්ල නෑ.අන්තිමේ 1998 මාර්තු 10 දා mission එක terminate කරලා.
     
    • Sad
    Reactions: Solo Rider

    Similar threads