🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 06 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpeg


    මේ ඡායාරූපයෙන් දිස්වන්නේ ඔබ වෙනදා දකින සුපුරුදු සූර්ග්‍රහණය නොවේ. සාමාන්‍යයෙන් සූර්යග්‍රහණයකදී සිදුවන්නේ චන්ද්‍රයා විසින් සුර්යයාව වසාගැනීමයි. නමුත් 2012 වසරේදී ලබාගත් මේ ඡායාරූපයෙන් දිස්වන සූර්යග්‍රහණයේදී, චන්ද්‍රයා වෙනුවට සිකුරු ග්‍රහයා විසින් සූර්යයාගේ කුඩා පෙදෙසක් ආවරණය කර ගෙන ඇති අයුරු දර්ශනය කරගත හැක. සූර්යයා මතුපිට දිස්වන කුඩා වෘත්තාකාර කලුපැහැ ලපයක් වැනි පෙදෙසින් දිස්වන්නේ සිකුරු ග්‍රහයා වන අතර මෙසේ සිකුරු ග්‍රහයා හේතුවෙන් සීදුවන සූර්යග්‍රහණයක් හදුන්වන්නේ "Venusian annular eclipse" ලෙසය. මෙහි දැක්වෙන ඡායාරූපයේ ඇති සූර්යයාගේ ස්වරූපය ලබාගෙන ඇත්තේ සූර්ය ගවේශනය වෙනුවෙන් අභ්‍යවකාශ ගත කළ, මේ වනවිට පෘ ථිවිය වටා කක්ෂ ගතකර තිබෙන "Solar Dynamics Observatory" නම් අභ්‍යවකාශ යානයේ ඇති "Extreme ultraviolet Variability Experiment (EVE)" උපකරණය යොදාගෙන, පාරජම්බුල කිරණයන්ට අයත් වර්ණ තුනකින් දිස්වන සේ සූර්යයාව හසුකර ගැනීම මගිනි. මෙහි සූර්යයාගේ දැක්වෙන අදුරු පැහැති කලාපයෙන් සූර්යයාගේ වායුගෝලය දිස්වන කලාප‍යක් එනම් "coronal hole" නමින් හදුන්වන කලාපයක් පෙන්නුම් කෙරෙන අතර මේ ආකාරයට මෙවැනි කලාපයන් දර්ශනය කර ගත හැකි වන්නේ එම ඡායාරූපයන් X කිර්ණ හා පාරජම්බුල කිරණ මාධ්‍යයෙන් හසු කර ගන්න විටදීය. වීනස් ග්‍රහයා සහභාගී වන මේ ආකාරයේ සූර්යග්‍රහණයක් එනම් "Venusian transit" අවස්ථාවක් මීලගට දැකගැනීමට පෘථිවිවාසීන්ට අවස්ථාව හිමිවන්නේ වර්ෂ 2117 දීය.


    SunVenusUv3_SdoDove_960.jpg




    නම් කරන ලද ඡායාරූපය

    SunVenusUv3_SdoDove_960_annotated.jpg





    Transit of Venus





     

    Similar threads