අගහරු ග්‍රහයා මත තිබී හමු වූ අපූරු ආකාරයේ පාෂාණයක් දැක්වෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. සතයේ කාසියකටත් වඩා ප්‍රමාණයෙන් කුඩා මෙම පාෂාණය වටා කුඩා අඩු වැනි ආකාරයෙන් පවතින කොටස්වලින් යුක්ත වන අතර බැලූ බැල්මට මෙහි ස්වරූපය මලක ස්වරූපයකට සමාන කමක් දක්වයි. විද්‍යාඥයන් විසින් දරණ නවතම මතයට අනුව මෙම පාෂාණය, අගහරු මත ජලය රදා පැවැති කඩතොලු හා මින් පෙර පැවති විශාල පාෂාණයක සිදුවූ බෙදීම් නිසා එයින් වෙන්ව ගොස් තැනපත් වූ ඛණිජයන් මගින් නිර්මාණය වී ඇති බවට විශ්වාසය පල කරයි. මෙම ඛණිජයන් පාෂාණය වටා වඩා දැඩිව හා ඝනව එකට සංයුක්ත වීම සිදුවී, පසුව කාලයත් සමග එහි සිදුවූ ඛාදනය වීම් හේතු කොට ගෙන මෙසේ එම කොටස් පිහිටි පාශාණය වටා දිඝටි කොටස් ලෙස ඉතිරී වී ගොස් ඇති බව මෙම මතය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. 2022 වසරේ පෙබරවාරි මාස අගභාගයේදී, අගහරු මත පර්යේශන කටයුතු සිදු කරන "Curiosity" රෝවරය විසින් මෙම ඡායාරූපය ලබාගෙන ඇති අතර මින් පෙර සිදු කළ ගවේශනයන්හීදී ද අගහරු මත ඇති මෙවැනි අපූර්ව ආකාරයේ හැඩයන් හා ස්වභාවයන් වලින් යුක්ත පාෂාණ වර්ග ගණනාවක් සොයා ගැනීමට ද සමත් වී ඇත.