🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 10 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,985
    113
    nvexcIu.jpg


    ගෝලාකාර තරු පොකුරු (Globular star clusters) ගනයට අයත්වන "47 Tucanae" නමින් හදුන්වන තාරාකා පොකුරෙහි ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "NGC 104" යනුවෙන් ද හදුන්වන මෙම තරු පොකුර පිහිටා තිබෙන්නේ "Tucana" නම් තාරකා රාශියේ ( Small Magellanic Cloud අසල) ය. මෙවැනි "Globular star clusters" ගනයට අයත් වන තාරකා පොකුරු 200 කට ආසන්න සංඛ්‍යාවක් අපගේ පෘථිවිය අයත් වන ක්ෂීරපථය මන්දාකිණියෙහි පවතින අතර පෘථිවියට දිස්වන දීප්තිමත් ම ගෝලාකාර තාරකා පොකුර (Globular star cluster) වන "Omega Centauri" තාරකා පොකුරට පසුව වඩාත් ම දීප්තියෙන් දිස්වන ගෝලාකාර තාරකා පොකුර ලෙස ද මෙම "47 Tucanae" තාරකා පොකුර හදුන්වනු ලබයි. "47 Tucanae" තාරකා පොකුරට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 15,790 වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ 120 ක් පමණ වන බවත් ගණන් බලා ඇත. මෙම තාරකා පොකුර තුළ තාරකා සිය දහස් ගණනක් පවතින අතර ඡායාරූපයේ දිස්වන පරිදි තාරකා පොකුරේ බාහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති කහ වර්ණයට සමාන වර්ණයකින් දිස්වන දැවැන්ත රතු තාරකාවන් (Red giant stars) මෙම තාරකා පොකුරෙහි ඇති කැපීපෙනෙන අංගයන් ලෙස හැදින්විය හැක. තාරකා විද්‍යාඥයන්ට අනුව මෙම තාරකා පොකුරෙහි මධ්‍යයය කුඩා ප්‍රමාණයේ ඝන මධ්‍යම හරයකින් සමන් විත බවත් බොහෝ විට මෙය අතරමැදි ස්කන්ධ කළු කුහරයක් ( intermediate-mass black hole) විය හැකි බවටත් මත පල කරයි. මෙම "47 Tucanae" ගෝලාකාර තාරාකා පොකුර ප්‍රථමවරට සොයාගන්නා ලද්දේ, 1751 වසරේ සැප්තැම්බර් 14 වන දින, ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ "Nicolas Louis de Lacaille" විසිනි.


    NGC104_TL_PS1_INSIGHT.jpg




    47 Tucanae (NGC 104)







     

    Similar threads