🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 12 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    nvexcIu.jpg


    "Northern winter constellations" එනම් උතුරු ශීත තාරකා රාශීන් (Auriga, Canis Major, Canis Minor, Carina, Eridanus, Gemini, Monoceros, Orion and Taurus යන තාරකා රාශීන්) ලෙස හදුන්වන තාරකා රාශීන් හා දිගු ආරක්කුවක ආකාරයෙන් දිස්වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way galaxy), ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට වන්නට පැසිෆික් සාගරයට මුහුණලා පිහිටා ඇති "Point Reyes" තුඩුවට ඉහළ රාත්‍රී ආකාශයේ දිස්වන ආකාරය නිරූපණය වන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙම ඡායාරූපය වඩාත් හොදින් නිරීක්ශනය කරන අයෙකුට තාරකා චාපයට පහළින් වම් පැත්තට වන්නට දිස්වන "Canis Minor" තාරකා රාශියේ පිහිටා ඇති "alpha" තාරකාවක් වන "Sirius" තාරකාවත්, Orion තාරකා රාශියේ පිහිටා ඇති කහපැහැයෙන් දිස්වන Betelgeuse තාරකාවත්, Taurus තාරකා රාශියේ පිහිටා ඇති "Aldebaran" තාරකාව හා ක්ෂීරපථයත් වයඹ ක්ෂිතිජයේ කේන්ද්‍රයත් අතරට වන්නට ඇති ලා නිල් පැහැයෙන් දිස්වන "Pleiades" තාරකා පොකුරත් දර්ශනය කරගත හැකිවේ. තවද ආකාශයේ උතුරු දෙසට වන්නට ඇති "Pleiades" නම් තාරකා රාශියට ඉහළින් හා දකුණු දෙසින් පිහිටා ඇති "Orion" තාරකා රාශියට අයත් වන Barnard's Loop නම් විමෝචන නිහාරිකාවත් (emission nebula), NGC 1499 නැතහොත් "California Nebula" ලෙස හදුන්වන නිහාරිකාවත් මෙහිදී නිරීක්ශනය කළ හැක.


    PointReyesMilkyWayDanZafra.jpg




    Northern Hemisphere Constellations of the Winter Sky





    Barnard's Loop






    NGC 1499 – California Nebula

     

    Similar threads