🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 14 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    nvexcIu.jpg


    තාරකාවන් නිර්මාණය වන්න කෙබදු ස්ථානවලදැයි ඔබ දන්නවා ද? එවැනි ආකාරයේ නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලිය සක්‍රියව සිදුවන එක් ස්ථානයක් ලෙස "Serpens" තාරකා රාශියට අයත් "Eagle Nebula" නැතහොත් "M16" නමින් හදුන්වන විවෘත්ත තාරකා පොකුර ( open cluster of stars)තුළ පිහිටා ඇති "EGGs" ලෙස හදුන්වන සුවිශේෂ කලාපය හැදින්විය හැක. දැවැන්ත කුළුණූ සේ දිස්වන ධූලි හා වායු වළාවන්ගෙන් ( giant pillar of gas and dust) සැදුම් ලත් මෙම කලාපය, තාරකාවන්ගේ සිදුවන ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමෙන් පසුව ඉතිරිවූ දෑ මගින් හටගත් අණුක හයිඩ්‍රජන් වායුවෙන් ගහණ ප්‍රදේශයක් ලෙස ද හදුන්වනු ලබයි. මෙහි ඇති අලුතෙන් ම නිර්මාණය වූ දීප්තිමත්ම හා උණුසුම්ම තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය මගින් ඇතිවන විශාල උණුසුම නිසා මෙම "pillar" හි අගභාගයට වන්නට ඇති කලාපයේ පවතින

    දූවිලි හා වායුන් වාෂ්පීකරණයට භාජනය කිරීම සිදු කරන අතර එමගින් තවත් මෙවැනි "EGGs" කලාපයන් හා නවතාරකාවන් බිහිවීම සදහා ඉඩහසර ද ලබාදේ. අද දිනයේ දවසේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන ඡායාරූපය 2014 වසරේ ලබාගෙන ඇති අතර, ඒ සදහා පෘථිවිය වටා කක්ෂ ගත කර ඇති හබල් දුරේක්ශය (Hubble Space Telescope)තම දායකත්වය ලබා දී ඇත. පැය 30 අධික exposure කාලයකින් සමන්විත වූ මෙම ඡායාරූපය මෙහි දැක්වෙන ආකාරයට නවීන මෘදුකාංගයක් යොදාගෙන ඩිජිටල් මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද්දේ ස්වෙඡ්චාවෙන් ඉදිරිපත්ව මෙම කටයුත්තට දායක වූ ආර්ජන්ටියානු පර්යේශකයන් පිරිසක් විසිනි. මෙහි දක්වෙන මෙම නව තාරකාවන්ගේ උත්පත්තියට දායක වූ දැවැන්ත ධූලි හා වායු කුළුණු (birth pillars), ඉදිරියට තවත් වසර 100 000 ක කාලයක් තුළ එම තාරකා මගින්ම ක්‍රමක්‍රමයෙන් විනාශ කර දැමීම සිදුකරන අතර එසේ සිදුනොවුනහොත් අවම වශයෙන් අනාගතයේදී සිදුවන සුපර්නෝවා පිපිරුමකින් හෝ ඒවා විනාශ වී යාම සිදුවේ.


    Pillars_HstBibillo_1097.jpg




    stellar eggs


    Eagle Nebula