ඡායාරූපයේ ඉදිරිපෙළින් දිස්වන්නේ දැකුම්කළු මාර්ගයකි. මෙම මාර්ගය, චිලී'හි පිහිටා ඇති "La Silla Observatory" අභ්‍යවකාශ නිරීක්ශනාගාරය හා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් "ESO 3.6-metre telescope" නමින් හදුන්වන දුරේක්ශය වෙතට ළගාවීමට ඇති මාර්ගයයි. ඡායාරූපයේ වම්පසට වන්නට දිස්වන්නේ ඉදිකිරීමට යෝජිතව ඇති "BlackGEM telescopes" නම් ප්‍රකාශ දුරේක්ශයන් රදවා තැබිමට නිර්මාණය කර තිබෙන ආධාරක ව්‍යුහයන්ය. මෙම "BlackGEM telescopes" මගින් ගුරුත්වාකර්ශන තරංග පිළිබද (gravitational waves) අධ්‍යනයන් සිදු කරන "LIGO" අභ්‍යවකාශ නිරීක්ශනාගාරය හ අනෙකුත් නිරීක්ශනාගාර සමග සහසම්බන්ධව කටයුතු කිරීමටත්, ඒහා සම්බන්ධ අධ්‍යයනයන් වෙනුවෙන් අවශ්‍ය වන දත්ත එක්රැස් කිරීම සදහා ද ඉදිරියේදී දායකත්වය ලබා ගැනීමට ද අපේක්ශා කොට ගෙන තිබේ.
රත් පැහැයෙන් දිස්වන "airglow" ව රාත්‍රී ආකාශය ආලෝකවත් කරමින් දිස්වන අතර ඡායාරූපයේ ඈත කෙළවරේ, මධ්‍යයට වන්නට පිහිටි බෑවුම් ප්‍රදේශය හරහා දිස්වන ක්ෂීරපථය මන්දාකිණියේ "central band" යනුවෙන් හදුන්වන දීප්තිමත් මධ්‍ය තීරය ද මෙහිදී පැහැදිලිව දර්ශනය කර ගත හැක. ඡායාරූපයේ මධ්‍යයට වන්නට, ක්ෂීරපථය මන්දාකිණියේ "central band" එකට මදක් ඉහළට වන්නට දීප්තිමත්ව දිස්වන බ්‍රහස්පති ග්‍රහායාත්, 3.6-metre telescope හි ගෝලාකාර කොටසට ඉහළින් දිස්වන සෙනසුරු ග්‍රහයාත්, දකුණු කෙළවරට වන්නට දිස්වන ක්ෂීර පථය මන්දාකිණියට (Milky Way Galaxy) අයත් වන විශාලතම "satellite galaxies" ලෙස සැලකෙන LMC හා SMC යන මන්දාකිණි ද්විත්වය ද මෙහිදී නිරීක්ශනය කළ හැක. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති, තත්පර 15 හි exposures කීපයකින් යුතුව කැමරා කාචයට හසු කරගත් මෙම "panorama" ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2019 වසරේ ජූනි 30 වනදාය. එනම් "La Silla" නිරීක්ශනාගාරයට දිස්වූ දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය සිදු වීමට දින දෙකකට පෙරයි.
නම් කරන ලද ඡායාරූපය
La Silla Observatory
La Silla Observatory ESO's first observatory