🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 16 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    nvexcIu.jpg


    මිනිසාට මෙතෙක් නිරීක්ශනයට හසුකරගත හැකිවූ විශ්වයේ මුලු කලාපය එනම් "observable universe" නමින් හදුන්වන ගෝලාකාර හැඩයකින් නිරූපණය කරන අති දැවැන්ත විශ්වීය ප්‍රදේශය හා එයට අයත් තාරකා රාශි, තාරකාවන්, මන්දාකිණි, නිහාරිකා, සෞරග්‍රහ හා ග්‍රහවස්තූන් ඇතුළු අනේක විද ආකාශ වස්තූන් නිරූපණය කරන අපූරු රූපසටහනක් මෙයින් නිරූපණය කෙරේ. මීට වසර බිලියන 13.8 පෙර සිදුවූ මහා පිපුරුමත් (The Big bang) සමග විශ්වයේ උපත සිදුවුණු අතර මහා පිපුරුම හේතුවෙන් විශ්වයේ මුල් අව්ධියේ දී විද්‍යුත් චුම්භක විකිරණ ( electromagnetic radiation) විශ්වය පුරාම විසිරී ගොස් තිබිණි. මෙම විද්‍යුත් චුම්භක විකිරණ (electromagnetic radiation) පැතිරී යාම "cosmic microwave background" ලෙස හදුන්වන අතර විශ්වයේ ආරම්භය පිලිබද කියාපාන නෂ්ඨාවශේෂයන් ලෙසද මේවා හදුන්වනු ලබයි. ආලෝකය ගමන් කරනා වේගය අනුව පෘථිවියේ සිටිනා අපට දැකගත හැකිවන්නේ විශ්වයේ මුල්ම අව්ධියේ සිට එනම් මීට වසර බිලියන 13.8 ට පෙර කාලයකදී පැවති "cosmic microwave background" හි ස්වභාවය පමණි. අප වටා ඇති ඇතැම් නියුට්‍රෝන හා ගුරුත්වාකර්ශන තරංග වර්ගයන් මෙම "observable universe" ටත් ඔබ්බෙන් වූ කලාපයේ සිට පැමිණියත් ඒවා ග්‍රහණය කර ගත හැකි තාක්ශණයක් මිනිසා මේ වන තෙක් සොයාගෙන නැත.තාරකා විද්‍යාඥයන්ගේ කල්පිත අදහස් වලට අනුව මෙම "observable universe" යනු "the universe" නමින් හදුන්වන එක් දැවැන්ත විශ්වයක කොටසක් විය හැකි බවට විශ්වාස කරන අතර ඇතැමෙක් "observable universe" යනු එක් විශාල බහුවිධ විශ්වයකට ( greater multiverse) අයත් තවත් එක් අනු විශ්වයක් විය හැකි බවත් ඒ එක් එක් විශ්වයට අනුරූපව වෙනස් වූ භෞතික විද්‍යා නියමයන් එම විශ්වයන්හි බලපැවැත්විය හැකි බවත් විශ්වාස කරයි.


    Observable Universe

    විශාලත්වය -
    අරය:
    ආලෝක වර්ෂ බිලියන 46.508
    විෂ්කම්භය: ආලෝක වර්ෂ බිලියන 93.016

    වයස - වසර බිලියන 13.77 (13.799±0.021 billion years)

    සාමාන්‍ය උෂ්ණත්වය - 2.72548 K

    අන්තර්ගත දෑ -
    Ordinary (baryonic) matter (4.9%)
    Dark matter (26.8%)
    Dark energy (68.3%)


    VisUni_WikiBudassi_2400.jpg




    Observable universe




     

    Similar threads