🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 17 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,000
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 13.05 ක් ඈතින් "Centaurus" තාරකා රාශියේ පිහිටා ඇති "Centaurus A" නම් මන්දාකිණිය පෘථිවියට ආසන්නයෙන් ම පවතින ක්‍රියාකාරී මන්දාකිනිය ( active galaxy) ලෙස හදුන්වනු ලැබේ."NGC 5128" හා "Caldwell 77" යන අනුවර්ථ නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මෙම මන්දාකිණිය ආලෝක වර්ෂ 60,000 ක පමණ වපසරියක් පුරා විහිදී පවතින අතර සුවිශේෂී ආකාරයේ ස්වභාවයක් ගන්නා ඉලිප්සාකාර මන්දාකිණියක් (elliptical galaxy) ලෙසද හදුන්වයි. මෙම මන්දාකිණිය, මින් පෙර තිබූ වෙනත් මන්දාකිණි ද්විත්වයක් එකට ගැටීම හේතුවෙන් බිහිවී ඇති අතර එමනිසා මන්දාකිණිය තුළ තැන තැන විසිරී ඇති තාරකා පොකුරු හා ඇදුරු ධූලි මංතීරු (dark dust lanes) නිර්මාණය වී තිබේ. "Centaurus A" නැතහොත් මෙම "NGC 5128" මන්දාකිණියෙහි මධ්‍යයට වන්නට පිහිටා ඇති අපගේ සූර්යයා මෙන් බිලියන සංඛ්‍යාත ගුණයක ස්කන්ධයෙන් යුතු වූ කළු කුහරය මගින් ඒ අවට ඇති "cosmic debris" ක්‍රමක්‍රමයෙන් තමාවෙත දැහැගැනීම සිදු කරමින් පවතින අතර මේ ක්‍රියාවලිය හේතුවෙන් "Centaurus A" මන්දාකිණිය මගින් දැවැන්ත ලෙස නිකුත් කරන රේඩියෝ තරංග, X- කි‍රණ හා ගැමා කිරණ ගැබ්වූ ශක්තීන් ද නිරීක්ශණය කිරීමට විද්‍යාඥයන් විසින් සමත් වී ඇත.


    CentaurusA_DavidAlemazkour.jpg




    Centaurus A (NGC 5128 /Caldwell 77)







     

    Similar threads