🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 10 - The Cat's Paw Nebula (NGC 6334) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5 500 ක් ඈතින් "Scorpion" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Cat's Paw Nebula" නැතහොත් Bear Claw Nebula,Gum 64 සහ "NGC 6334" යන නාමයන්ගෙන් ද හදුන්වන විමෝචන නිහාරිකාවේ (emission nebula) අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පූසෙකුගේ පාදයක ස්වරූපයක හෝ වලසෙකුගේ පාදයේ ඇති නියපොතු වල ස්වරූපයේ හැඩයක් ගන්නා බැවින් මෙම නිහාරිකාවට "The Cat's Paw Nebula" හා "Bear Claw Nebula" යන නාමයන් ලැබී ඇති අතර මෙම නිහාරිකාවේ අරය ආලෝක වර්ෂ 40 ක් පමණ වේ. මෙම නිහාරිකාවට ලැබී ඇති දීප්තිමත් රත් පැහැය සදහා, නිහාරිකාව තුළ අයනීකෘත හයිඩ්‍රජන් පරමාණු බහුල වශයෙන් පැවතීම හේතු වී ඇති අතර පසුගිය වසර මිලියන කිහිපය තුළ අපගේ සූර්යයා මෙන් දස ගුණයක් පමණ ස්කන්ධයෙන් යුතු වන තාරකාවන් රාශියක උපත ද මෙම නිහාරිකාව තුලදී සිදුවී තිබේ. ඉහත දැක්වෙන ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපය (deep field image) මගින් "The Cat's Paw" නිහාරිකාවෙහි පවතින හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් යන වායූන් හේතුවෙන් සිදුවන ආලෝක විමෝචනය මැනවින් දර්ශනය කර ගත හැක.


    Image Credit & Copyright: Stefan Steve Bemmerl & Team Wolfatorium (Hakos/Namibia)

    CatsPaw_Bemmerl_4412.jpg




    The Cat's Paw Nebula

     

    Similar threads