🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 14 - සඳ එළියෙන් හටගත් "Ice Halos" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    nvexcIu.jpg


    මෙම වසරේ අප්‍රේල් මස 15 වෙනිදා, එනම් පසලොස්වක දිනයකදී කැනඩාවේ, Alberta ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකට ඉහළ අහසේ දර්ශනය වූ අපූරු සංසිද්ධියක් නිරූපණය කරන මෙම ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. උත්තර ධ්‍රැවයේ ප්‍රදේශයන්ට වසන්ත සමය උදාවී පවතින සමයේ දිනක, රාත්‍රී ආකාසයේ දිස්වූ මෙම අපූරු වෘත්තාකාර ආලෝකයන් "Ice Halos" යනුවෙන් හදුන්වන අතර සඳ එළිය ආකාසයේ ඉහළින්ම ඇති වළාකුළුවල (high cloud) පවතින ෂඩාස්‍රාකාර අයිස් ස්ඵටික මත ගැටීමෙන් සිදුවන වර්තනය හා පරාවර්තනය හේතුකොට ගෙන හටගන්නා මෙම "Ice Halos" (complex of halos) ආලෝක චාපයන් (arcs) මෙම ඡායාරූපයෙහි දැක්වෙන පරිදි රාත්‍රී කාලයෙහි දිස්වුවදමේවා හටගැනීම සුලභව දැකගත හැකිවන්නේ සූර්යාලෝකය පතිත වන දිවාකාලයේදීය. මෙම "Ice Halos" සමග හටගත් ආලෝක චාපයන්ගේ හා "moondogs/paraselenae" (moondogs යනු වායුගෝලයේ ඇතිවන දෘෂ්‍ය සංසිද්ධියකි) පියවි ඇසින් දැකගැනීමට හැකියාව පැවතුණ ද, මෙහිදී ඒවා ඡායාරූප ගත කර ඇත්තේ තත්පර 30 සිට තත්පර 1/20 දක්වා වූ නිරාවරණ කාලයන්ගේ සම්මිශ්‍රණයකට (blend of exposures) කැමරා කාචයට ලක්කිරීම මගිනි. ඡායාරූපයේ ඉහළට වන්නට දිස්වන දේදුන්නක පැහැය ගත් චාපය "circumzenithal arc" ලෙස හදුන්වන අතර ඡායාරූපයේ වම් පසින් "Boötes" නම් තාරකා රාශියේ පිහිටා ඇති දැවැන්ත රතු තාරකාවක් වන "Arcturus" තාරකාව සහ "supralateral arc" නමින් හදුන්වන චාපයේ දකුණු කෙළවරට වන්නට දිස්වන "Leo" තාරකා රාශියේ පිහිටා තිබෙන දීප්තිමත් තාරකාවක් වන "Regulus" තාරකාව ද මෙහිදී නිරීක්ශනය කළ හැක.


    Image Credit & Copyright: Alan Dyer, Amazingsky.com, TWAN

    LunarHaloComplex.jpg



    නම් කරන ලද ඡායාරූපය

    LunarHaloComplexLabels1024.jpg




    Ice Crystal Halos

    සූර්යාලෝකය පතිත වීම හේතුවෙන් හටගත් "Ice Halo"







    Moondog/paraselenae







    🌕🌑 මේ මස 15 වන දින දිස්වන "blood moon lunar eclipse" 🌑🌕




     

    Similar threads