🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 15 - සඳෙහි වර්ණයන් (Colors of the Moon) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,990
    113
    nvexcIu.jpg


    පෘථිවි චන්ද්‍රයා දිස්වන වර්ණය කුමක් විය හැකිද? එය රදා පවතින්නේ රාත්‍රියේ පවතින ස්වභාවය මතය. පෘථිවි වායොගෝලයෙන් පිටත සිටි නිරීක්ශනය කරන විට දැකගන්නට ලැබෙන චන්ද්‍රයා "dark Moon" ලෙස හදුන්වන අතර එය දුඹුරු පැහැයට හුරු අළු පැහැයකින් යුතුව දිස්වේ. නමුත් පෘථිවි වායුගෝලය තුල සිටින විටදී චන්ද්‍රයා විවිධ වර්ණයන්ගෙන් යුතුව දිස්වන අයුරු නිරීකශනය කළ හැක. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන තනි ඡායාරූපයෙන් තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු (astrophotographer) විසින් වසර 10 ක් මුළුල්ලේ ඉතාලියේ පිහිටි විවිධ ප්‍රදේශයන්හි සිට ගනු ලැබූ විවිධ වර්ණයන්ගෙන් දිස්වුණු පූර්ණ චන්ද්‍රයාගේ (full moon) ඡායාරූප එකතුවක් නිරූපණය කෙරේ. මෙහි දැක්වෙන රතු හෝ කහ පැහැයෙන් දිස්වන චන්ද්‍රයා ක්ෂිතිජය අසලදී දැකගැනීමට ලැබෙන චන්ද්‍රයා වන අතර මෙහි නිල් පැහැයෙන් දිස්වන චන්ද්‍රයා ඒ වර්ණයෙන් දිස්වීමට පෘථිවි වායුගෝලයේ පවතින දූවිලි අංශු හේතුවී තිබේ.

    නිල් පැහැ චන්ද්‍රයා දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර වායුගෝලයේ විශාල දූවිලි අංශු බහුලව පවතින අවස්ථාවලදී මෙම වර්ණයෙන් චන්ද්‍රයා දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ. දම් පැහැයෙන් දිස්වන චන්ද්‍රයා එම වර්ණයෙන් දිස්වීමට පැහැදිලි හේතුවක් කිව නොහැකි අතර එය විවිධ බලපෑම් කිහිපයක එකතුවක් නිසා දර්ශනය වූවායැයි අනුමාන කළ හැක. මෙහි ඇති අවසන් රූපයෙහි දැක්වෙන, එනම් ලා රත් පැහැයෙන් දිස්වන චන්ද්‍රයා, 2018 වසරේ ජූලි මාසයේ සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය දර්ශනය වූ දිනයේ කැමරා කාචයට හසුකර ගෙන ඇති අතර මෙහිදී චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලට (මෙම සෙවණල්ල රත් පැහැයෙන් යුක්ත වන අතර එසේ වීමට පෘථිවිය වටා පවතින වාතය හරහා ආලෝකය වර්තනය වීම හේතු වී තිබේ) හසුවීම සිදුවේ. මැයි මස 15 වනදා එනම් අද දින ද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් (total lunar eclipse) සිදුවීමට නියමිතව ඇති අතර එය උතුරු හා දකුණු ඇමරිකාවට අයත් රටවල්වල සිටින නිරීක්ශකයන් හට දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. එම චන්ද්‍රග්‍රහණයේදීද චන්ද්‍රයා වෙනත් වර්ණයකින් දිස්වීම (රත් පැහැයෙන්) සිදුවන අතර මෙවැනි ආකාරයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හදුන්වන්නේ "Super Flower blood moon total Lunar Eclipse" ලෙසය.


    Image Credit & Copyright: Marcella Giulia Pace

    MoonColors_Pace_960.jpg





    🌕 The Changing Colors of the Moon 🌕






    🌕🌑 මේ මස 15 වන දින දිස්වන "blood moon lunar eclipse" 🌑🌕




     

    Similar threads