🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 25 - "Lagoon" නිහාරිකාවේ ඇති සජීවී මධ්‍ය කලාපය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    "Lagoon" නිහාරිකාවේ (Lagoon Nebula) මධ්‍යයය චණ්ඩ සුළි සුළගක ස්වභාවය ගන්නා නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් (star formation) සිදුවන කලාපයකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ "5000" ඈතින් 'Archer' (Sagittarius) නම් තාරකා රාශියේ පිහිටා ඇති 'M8' යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වනු ලබන "Lagoon" නිහාරිකාව මධ්‍යයට වන්නට පිහිටා තිබෙන ආලෝක වර්ෂ අඩක (1/2) පමණ විශාලත්වයකින් යුක්ත වන දිගු පුනීල හැඩැති වලාකුළු ද්විත්වයක් පිහිටා ඇති ආකාරය මෙම ඡායාරූපය මගින් නිරීක්ශනය කළ හැකි අතර මෙම වළාකුළු, තාරකා සුළං (stellar winds) සහ ප්‍රබල තාරකාලෝකය ( energetic starlight) මගින් නිර්මාණය කර තිබේ. මෙම වළාකුළු පිහිටි කලාපය ඒකාලෝක කරනු ලබන්නේ ඊට යාබදව පිහිටා ඇති "Herschel 36" නම් තාරකාව විසිනි. මෙහි ඇති අනෙකුත් උණුසුම් යොවුන් තාරකාවන් විශාල දූවිලි ප්‍රාකාර මගින් ආවරණය කරගෙන පවතින අතර මෙම දූවිලි ප්‍රාකාර හේතුවෙන් එම තාරකාවන්ට රත් පැහැයක් ලබා දී ඇත. මෙම තාරකාවන්ගෙන් නිකුත් වන ශක්තිය මෙහි ඇති දූවිලි, වායූන් හා විවිධ උෂ්ණත්ව පරාසයන්ගෙන් යුක්ත වන යාබදව පිහිටි කලාපවලට ගලා ඒම හේතුවෙන් හටගත් සුළං හමායාමේදී මෙම පුනීල හැඩැති වළාකුළු නිර්මාණය වීම සිදුවී ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ආලෝක වර්ෂ 10 ක කලාපයක් පුරා විසිරී පවතින "Lagoon" නිහාරිකාවේ මෙම අපූරු ඡායාරූපය, හබල් දුරේක්ශය (Hubble Space Telescope) විසින් වර්ණ 6 ක් මගින් දිස්වන ආකාරයෙන් ඡායාරූප ගත කර තිබේ.


    Image Credit: NASA, ESA, Hubble; Processing & Copyright: Mehmet Hakan Özsaraç

    LagoonCenter_HubbleOzsarac_3937.jpg





    Lagoon Nebula










     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පෘතුවිය ගොලාකාර නෑ කියලා කියාගන්න බැරි නාසා කෙබර සුද්දන්ට මොන නිහාරිකාද? 🤭

     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    පෘතුවිය ගොලාකාර නෑ කියලා කියාගන්න බැරි නාසා කෙබර සුද්දන්ට මොන නිහාරිකාද? 🤭
    ඇයි මචන් උන් බොරු කියන්නෙ, උන්ට තියෙන ප්‍රයෝජනෙ මොකක්ද මේ කොහෙවත් ඉන්න අපිව රවට්ටන එකෙන්?
     
    • Love
    Reactions: Stimulus mind