🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 02 - 'Whirlpool' සර්පිල මන්දාකිණියෙහි (The Whirlpool Galaxy) අසිරිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    "Ursa Major" තාරකා රාශියට අයත් වූ "Big Dipper" නැතහොත් "The Plough" නම් වූ තාරකා රටාවෙහි අවසානයට ඇති දීප්තිමත් තාරකාවේ සිට මදක් දකුණු පසට වන්නට දුරේක්ෂයක් භාවිතයෙන් නිරීක්ශනය කළ හොත් පහත දැක්වෙන අපූරු අන්තර්ක්‍රියාකාරී සර්පිල මන්දාකිණිය (interacting grand-design spiral galaxy) දර්ශනය කර ගත හැක. "The Whirlpool Galaxy" නමින් හදුන්වන (Messier 51a, M51a, හා NGC 5194 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) මෙම මන්දාකිණිය අන්තර්ක්‍රියාකාරී මන්දාකිණි යුගලයකින් සමන්විත වන අතර ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වූ "Charles Messier" මහතා විසින් 1774 වසරේදී ඉදිරිපත් කරන ලද "Messier objects" නම් වර්ගීකරණයේ 51 වැනි ස්ථානයට ද මෙම 'Whirlpool' මන්දාකිණිය ඇතුළත් කොට ඇත.

    තාරකා විද්‍යා ඉතිහාසයේ ප්‍රථමවරට සොයාගත් සර්පිල මන්දාකිණිය ලෙස ද සලකනු ලබන මෙම 'Whirlpool' මන්දාකිණිය ක්‍රමවත් සර්පිලාකාර බාහුවලින් සමන්විත වූ ව්‍යුහයකින් නිර්මාණය වී පවතින අතර 'Whirlpool' මන්දාකිණිය සමග අන්තර්ක්‍රියා සිදු කරන, 'Whirlpool' මන්දාකිණියට මදක් වම්පසට වන්නට පිහිටා ඇති "NGC 5195" (Messier 51b හා M51b ලෙසද හදුන්වයි) නමින් හදුන්වන කුඩා ප්‍රමාණයේ වාමන මන්දාකිණිය (dwarf galaxy) මෙහිදී නිරීක්ශනය කළ හැක. එමෙන්ම 'Whirlpool' මන්දාකිණියෙහි වූ සර්පිල බාහු හා දූවිලි මාවත් මෙම කුඩා මන්දාකිණිය දක්වා විහිදී ගොස් ඇති අයුරු ද මෙහිදී දැකගත හැකිය.

    මෙම මන්දාකිණි යුගලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31 ක් ඈතින්, 'Canes Venatici' නම් කුඩා තාරකා රාශියෙහි පිහිටා තිබෙන අතර දුරේක්ෂයක් භාවිතා කරමින් එකඑල්ලේ නිරීක්ෂණය කරන විට බොද වූ ස්වභාවයකින් දිස් වුවද මෙවැනි ගැඹුරු ක්ෂේත්‍ර ඡායාරූපයක් මගින් මෙම මන්දාකිණි යුගලය වඩා පැහැදිලිව දර්ශනය කර ගැනීමට අවස්ථාව උදා වේ. පැය 90 ක් මුළුල්ලේ හසුකරගත් පටුතීර දත්තයන් (narrowband data) යොදාගනිමින් නිර්මාණය කළ මෙම ඡායාරූපය තුළින් 'Whirlpool' මන්දාකිණි පද්ධතිය තුළ පිහිටි රත් පැහැයෙන් දිදුළන් අයනීකෘත හයිඩ්‍රජන් වායුවෙන් සමන්විතව නිර්මාණය වූ දැවැන්ත වළාකුළ ද නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Fabian Neyer

    m51_l2.jpg





    🌌 'Whirlpool' මන්දාකිණිය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි 🌌

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 13 - හබල් දුරේක්ශයට දිස්වූ 'Whirlpool' සර්පිල මන්දාකිණිය (The Whirlpool Galaxy/ Messier 51 / NGC 5194) 🌌🔭🌎



    The Whirlpool Galaxy (M51)




     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    TFS 👍
    දුරේක්ෂයක් හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? 🙁
    (Lens තියෙනවා නම් ලාවට වගේ මොකක් හරි හදාගන්න පුලුවන් වෙයි නේ?)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    TFS 👍
    දුරේක්ෂයක් හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? 🙁
    (Lens තියෙනවා නම් ලාවට වගේ මොකක් හරි හදාගන්න පුලුවන් වෙයි නේ?)

    geethq සහෝ තමයි ඒකට උත්තරයක් දෙන්න සුදුසුම කෙනා මට වඩා. :yes:

     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Up

    TFS 👍
    දුරේක්ෂයක් හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? 🙁
    (Lens තියෙනවා නම් ලාවට වගේ මොකක් හරි හදාගන්න පුලුවන් වෙයි නේ?)
    Lens kohenda gaththe?
    ------ Post added on Sep 3, 2022 at 3:07 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Up


    Lens kohenda gaththe?
    ------ Post added on Sep 3, 2022 at 3:07 PM
    ගත්තෙ නම් නෑ. ඇස් කණ්නාඩි කඩේකින් ඇහුවා. හදලා දෙන්න පුලුවන් කිව්වා. Lense එකේ power එක කොච්චරක්ද ඕනෙ කියලා එයා ඇහුවා.
    කොච්චර ඕනෙද power එක?

    @geethq අපිට දුරේක්ෂයක් හදාගන්න help එකක් දෙන්න....
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට හසුවූ "NGC 5194" නම් වූ "Grand spiral" ගණයට අයත් මන්දාකිණිය සහ "NGC 5195" නම් වූ ඊට යාබදව පිහිටා ඇති වාමන මන්දාකිණිය


    Credit:

    ESA/Webb, NASA & CSA, A. Adamo (Stockholm University) and the FEAST JWST team

    සංයුක්ත ඡායාරූපය (NIRCam & MIRI composite infared image)

    potm2308a.jpg



    M51 (MIRI image)


    M51 (NIRCam image)


    A FEAST for the eyes


     
    • Love
    Reactions: garfieldzz and jzx

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    දැන් අලුත් threads දාන්නේ නැද්ද?
    දවසේ නාසා ත්‍රෙඩ් එක නම් ලියන එක නවත්තලා දැම්මා. මගේ කාලයයි, මහන්සියයි විතරයි. මගේ astronomy ත්‍රෙඩ් මගාරින්නෙ නැතිව කියවන එළකිරි සහෝලා කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය නම් astronomy ත්‍රෙඩ් බලන්නෙ නැති විත්තිය කාලයක් තිස්සෙ බලන් ඉදලම මට හොදට තේරුණා. ඉතින් ඒවට යොදන වෙලාව මගේ වැඩකට යොදාගන්න හිතුවා. ජේම්ස් වෙබ් එක ගැනනම් දිගටම ත්‍රෙඩ්ස් ලියනවා. කොහොමත් අසහන ත්‍රෙඩුයි, දේශපාලන ත්‍රෙඩුයි විතරයිනෙ එළකිරියෙ හුගක් අය බලන්නෙ, කියවන්නෙ.
     
    • Sad
    Reactions: jzx and garfieldzz

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ගත්තෙ නම් නෑ. ඇස් කණ්නාඩි කඩේකින් ඇහුවා. හදලා දෙන්න පුලුවන් කිව්වා. Lense එකේ power එක කොච්චරක්ද ඕනෙ කියලා එයා ඇහුවා.
    කොච්චර ඕනෙද power එක?

    @geethq අපිට දුරේක්ෂයක් හදාගන්න help එකක් දෙන්න....
    මේකට උත්තරයක් හමුඋනොත් මාව tag කරන්න
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    දවසේ නාසා ත්‍රෙඩ් එක නම් ලියන එක නවත්තලා දැම්මා. මගේ කාලයයි, මහන්සියයි විතරයි. මගේ astronomy ත්‍රෙඩ් මගාරින්නෙ නැතිව කියවන එළකිරි සහෝලා කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය නම් astronomy ත්‍රෙඩ් බලන්නෙ නැති විත්තිය කාලයක් තිස්සෙ බලන් ඉදලම මට හොදට තේරුණා. ඉතින් ඒවට යොදන වෙලාව මගේ වැඩකට යොදාගන්න හිතුවා. ජේම්ස් වෙබ් එක ගැනනම් දිගටම ත්‍රෙඩ්ස් ලියනවා. කොහොමත් අසහන ත්‍රෙඩුයි, දේශපාලන ත්‍රෙඩුයි විතරයිනෙ එළකිරියෙ හුගක් අය බලන්නෙ, කියවන්නෙ.
    මාත් හැමදාම එන්න බැරි උනත් ආපු දවසට දාලා තියෙන threads කියවනවා. පුලුවන්නම් ආයෙ ලියන්න. Daily බැරිනම් weekly හරි කමක්නෑ:-(
     
    • Love
    Reactions: Stimulus mind

    Similar threads