🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 25 - සුරගනක වෙස්ගත් "Eagle' නිහාරිකාවෙහි (Eagle Nebula) වූ දැවැන්ත දූවිලි කුළුණ 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    nvexcIu.jpg


    "Eagle Nebula' (Messier 16 or M16, හා NGC 6611 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ) නමින් හදුන්වන විසරණ විමෝචන නිහාරිකාවෙහි (diffuse emission nebula) පවතින දැවැන්ත ප්‍රතිමාවන්ගේ නැතහොත් උස් කඳු ආකාරයක ස්වභාවකින් දිස්වන වායූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් අණු) හා දූවිලිවලින් සමන්විතව පවතින කුළුණු ආකාරයේ ව්‍යුහයන් බලවත් තාරකාලෝකයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ක්‍රමයෙන් වාෂ්ප වී යාම සිදු වෙමින් පවතී. "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens' (serpens cauda) තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන ඡායාරූපය මගින් මෙහි වූ මෙම කුළුණු ත්‍රිත්වය අතරින් එක් දැවැන්ත කුළුණක් නිරූපණය කරන අතර පිටස්තර විශ්වයේ වසන දැවැන්ත සුරගනක මෙන් දිස්වන ඉතා උණුසුම් විකරණයන් බැහැර කරමින් පවතින මෙම දූවිලි කුළුණ ආලෝක වර්ෂ 10 ක පමණ උසකින් ද යුක්ත වේ.

    ඉදිරි වසර 100000 කාල සීමාව තුළදී, තාරකාලෝකයන්ගේ හා බලවත් විකිරණයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුකොට ගෙන මෙම දැවැන්ත කුළුණු මුළුමණින් වාෂ්පවී යනු ඇති බවට තාරකා විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කරයි. "Eagle' නිහාරිකාව තුළ පවතින නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශයක් ලෙස ද මෙම "great pillars' ආශ්‍රිත ප්‍රදේශය සලකනු ලබන අතර දීප්තිමත් යොවුන් තාරකාවන්ගෙන් සමන්විත වූ බිහිවෙමින් පවතින නව විවෘත්ත තාරකා පොකුරක් ද (open star cluster)"Eagle' නිහාරිකාවට අයත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබේ. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මගින් ගනු ලැබූ "Pillars of Creation" ට අයත් දැවැන්ත කුළුණ නිරූපණය කරනු ලබන මෙම අපූරු ඡායාරූපය, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නැවත වර්ණ ගන්වා සකස් කර පහත ආකාරයෙන් දක්වා ඇති බව ද මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.


    Image Credit: Image Credit: NASA, ESA, The Hubble Heritage Team (STScI/AURA)

    FairyPillar_Hubble_3857.jpg






    Eagle Nebula

    Pillars of Creation










     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    නෙබියුලා ආලොකෙ reflect කරනවද
    මොනා නිසාද ඒව පේන්නෙ telescope වලට ?
    සමහර වෙලාවට ආලෝකෙ තමන් විසින්ම උපදවා ගන්න නිහාරිකා තියෙනවා. ඒවට කියන්නේ විමෝචන නිහාරිකා (emission nebula) කියලා. තව තියෙනවා නිහාරිකාවට යාබදව තියෙන තාරකාවකින් හරි තාරකාවලින් ලැබෙන ආලෝකෙ පරාවර්තනය කරලා ආලෝකෙ උපදවා ගන්න නිහාරිකා. ඒවට කියන්නෙ පරාවර්තන නිහාරිකා (Reflection nebula) කියලා. :yes:
     

    Similar threads