පෘථිවියෙහි වු මුළු ජල පරිමාව කොතෙක් දැයි ඔබ සිතන්නේ ද? පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක පමණ ප්‍රතිශතයක් සාගර ජලයෙන් වැසී තිබුණ ද, පෘථිවියෙහි අරයට සාපේක්ෂව සාගර ජලයෙහි පවතින ගැඹුර නොගැනිය හැකි තරම් කුඩා ප්රමාණයකි. පහත දැක්වෙන ඡායාරූපය මගින් මේ අයුරින් පෘථිවි පෘෂ්ඨය වසා ගනිමින් පවතින මෙම ජල පරිමාවන්, පෘථිවියෙහි ප්‍රමාණය හා සැසදීමේදී කොතරම් විශාලතවයක් ගනී ද යන්න, මෙහි දැක්වෙන වන ජල ගෝලයන් ත්‍රිත්වය මගින් නිරූපණය කෙරේ. මෙහි වූ විශාල ගෝලයෙන් පෘථිවිය පෘෂ්ඨය මත පවතින මුළු සාගර ජල පරිමාව (මුළු ජල පරිමාවෙන් 96.5% ප්‍රතිශතයක් ගනී) පෙන්නුම් කරන අතර ගෝලයෙන් පෙන්නුම් කරන පරිදි එහි අරය කිලෝමීටර 700 ක අගයකට සමාන වේ. එම ප්‍රමාණය පෘථිවි චන්ද්‍රයාගේ අරයෙන් හරි අඩක් ගන්නා අතර සෙනසුරු ග්‍රහායාට අයත් 'Rhea' නම් චන්ද්‍රයාගේ අරයට වඩා මදක් වැඩි අගයක් ගනී.
මෙම ගෝලයට වඩා ප්‍රමාණයෙන් කුඩා අගයක් ගන්නා දෙවැනි ගෝලය මගින් පෘථිවිය මත ඇති මුළු මිරිදිය පරිමාව (liquid fresh water - මුළු ජල පරිමාවෙන් 3% කි) පෙන්නුම් කරන අතර මින් වැඩි ජල පරිමාවක් ග්ලැසියර හා අයිස් ලෙස ද, අනෙක් කොටස භූගත ජලය ලෙස ද පවතී. මෙයිනුත් පරිභෝජනයට ගත හැකි ජල පරිමාව (පානීය ජලය ලෙස), එනම් ගංගා හා විල් ආශ්‍රිතව පවතින මුළු ජල පරිමාව රූපයෙහි ඇති කුඩාම ගෝලයෙන් නිරූපණය කරන අතර මෙම ජල පරිමාව මුළු ජල පරිමාවෙන් ප්‍රතිශතයක් ලෙස 0.5% පමණ අගයක් ගනී. මේ අතර පෘථිවිය මතට ජලය පැමිණියේ කොහිසිට ද යන්නත්, පෘථිවි පෘෂ්ඨයෙහි අභ්‍යන්තයෙහි සැගවී ඇති ජල පරිමාවන් කොතෙක් දැයි යන්නත් වර්ථමානයේදී ද විද්‍යාඥයන් අතර මතභේදයට තුඩු දී ඇති කරුණක් බවට පත්ව තිබේ.
Illustration Credit: Jack Cook, Adam Nieman, Woods Hole Oceanographic Institution; Data source: Igor Shiklomanov
How much water is there on, in, and above the Earth?
Last edited:


