🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 26 - පෘථිවියෙහි ජල ව්‍යාප්තිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,080
    113
    nvexcIu.jpg


    පෘථිවියෙහි වු මුළු ජල පරිමාව කොතෙක් දැයි ඔබ සිතන්නේ ද? පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක පමණ ප්‍රතිශතයක් සාගර ජලයෙන් වැසී තිබුණ ද, පෘථිවියෙහි අරයට සාපේක්ෂව සාගර ජලයෙහි පවතින ගැඹුර නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකි. පහත දැක්වෙන ඡායාරූපය මගින් මේ අයුරින් පෘථිවි පෘෂ්ඨය වසා ගනිමින් පවතින මෙම ජල පරිමාවන්, පෘථිවියෙහි ප්‍රමාණය හා සැසදීමේදී කොතරම් විශාලතවයක් ගනී ද යන්න, මෙහි දැක්වෙන වන ජල ගෝලයන් ත්‍රිත්වය මගින් නිරූපණය කෙරේ. මෙහි වූ විශාල ගෝලයෙන් පෘථිවිය පෘෂ්ඨය මත පවතින මුළු සාගර ජල පරිමාව (මුළු ජල පරිමාවෙන් 96.5% ප්‍රතිශතයක් ගනී) පෙන්නුම් කරන අතර ගෝලයෙන් පෙන්නුම් කරන පරිදි එහි අරය කිලෝමීටර 700 ක අගයකට සමාන වේ. එම ප්‍රමාණය පෘථිවි චන්ද්‍රයාගේ අරයෙන් හරි අඩක් ගන්නා අතර සෙනසුරු ග්‍රහායාට අයත් 'Rhea' නම් චන්ද්‍රයාගේ අරයට වඩා මදක් වැඩි අගයක් ගනී.

    මෙම ගෝලයට වඩා ප්‍රමාණයෙන් කුඩා අගයක් ගන්නා දෙවැනි ගෝලය මගින් පෘථිවිය මත ඇති මුළු මිරිදිය පරිමාව (liquid fresh water - මුළු ජල පරිමාවෙන් 3% කි) පෙන්නුම් කරන අතර මින් වැඩි ජල පරිමාවක් ග්ලැසියර හා අයිස් ලෙස ද, අනෙක් කොටස භූගත ජලය ලෙස ද පවතී. මෙයිනුත් පරිභෝජනයට ගත හැකි ජල පරිමාව (පානීය ජලය ලෙස), එනම් ගංගා හා විල් ආශ්‍රිතව පවතින මුළු ජල පරිමාව රූපයෙහි ඇති කුඩාම ගෝලයෙන් නිරූපණය කරන අතර මෙම ජල පරිමාව මුළු ජල පරිමාවෙන් ප්‍රතිශතයක් ලෙස 0.5% පමණ අගයක් ගනී. මේ අතර පෘථිවිය මතට ජලය පැමිණියේ කොහිසිට ද යන්නත්, පෘථිවි පෘෂ්ඨයෙහි අභ්‍යන්තයෙහි සැගවී ඇති ජල පරිමාවන් කොතෙක් දැයි යන්නත් වර්ථමානයේදී ද විද්‍යාඥයන් අතර මතභේදයට තුඩු දී ඇති කරුණක් බවට පත්ව තිබේ.


    Illustration Credit: Jack Cook, Adam Nieman, Woods Hole Oceanographic Institution; Data source: Igor Shiklomanov

    WaterlessEarth2_woodshole_2520.jpg





    How much water is there on, in, and above the Earth?







     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,760
    113
    Colombo, Sri Lanka
    ජලය පණ මෙන් සුරකිමු :nerd:
    විකාරද... ඕක පනමෙන් සුරකිලා හරියන්නේ නැහැ. ඕන ප්‍රයෝජනය ගන්නේ නැතුව. අනේ පින් සිද්ද වෙයි අඩුම ගානේ සතියට සැරයක් වත් නා ගනින් බව්වෝ :angry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    විකාරද... ඕක පනමෙන් සුරකිලා හරියන්නේ නැහැ. ඕන ප්‍රයෝජනය ගන්නේ නැතුව. අනේ පින් සිද්ද වෙයි අඩුම ගානේ සතියට සැරයක් වත් නා ගනින් බව්වෝ :angry:

    අපි නානව ඩෝ දවසට දෙපාරක්
    උබල වගෙ හඩ්ඩො නෙවෙයි 😎
     

    Similar threads